Last Update  :  2025-04-23 10:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි කැපිටල්ස් තරගාවලියෙන් ඉවතට
අයි.පී.එල්. 2023

දිල්ලි කැපිටල්ස් තරගාවලියෙන් ඉවතට

editorial - 2023 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවයලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. එම තරගයේදී ලැබූ පරාජය, දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි පරාජය විය. ඒ හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවටද දිල්ලි කණ්ඩායම පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඩේවිඩ් වෝනර් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 54ක් රැස්කළද, සෙසු පිතිකරුවන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හර්ප්‍රීට් බ්‍රාර් සිය ඕවර 4 යවා ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රාහුල් චාහර් සහ නේදන් එලිස් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් රැස්කළ අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු ප්‍රභ්සිම්රන් සිං (103) සමත් විය. පන්දු  65 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ඝත විය.


පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 167
(ප්‍රභ්සිම්රන් සිං 103, සෑම් කරන් 20, ඉෂාන්ත් ශර්මා 27/2)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 136
(ඩේවිඩ් වෝනර් 54, පිලිප් සෝල්ට් 21, හර්ප්‍රීට් බ්‍රාර් 30/4, රාහුල් චාහර් 16/2, නේදන් එලිස් 26/2)

-036


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.