Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කයට එල්ල කෙරුණු ෆ්ලයි හාෆ් ක්‍රීඩක දුලාජ් පෙරේරාගේ දඬුවම් පහර දෙකක් සාර්ථක වීම නිසා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගයකදී සිය සම්ප්‍රදායික පසමිතුරා වන සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 35-30 ක තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් පිල සමත්විය.
සී.ආර්.පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගය නිමාවීමට මිනිත්තු 5ක් ඉතිරිව තිබියදී ලකුණු 30-29 ක් ලෙස ඉදිරියෙන් පසුවූ සී.ආර්.පිලට තරගය ජයග්රහණයෙන් නිමා කරගැනීමේ කදිම අවස්ථාවක් තිබුණත් උපායශීලීව ක්‍රීඩා කිරීම වෙනුවට ආක්‍රමණශීලී වීමට යාමෙන් දඬුවම් පහර දෙකක් ප්‍රතිවාදීන්ට පිරිනැමීමට තරග තීරකවරයාට සිදුවිය.
දුලාජ් පෙරේරා මීටර් 50 ක් තරම් දුරකින් සිට ගැසූ පළමු පහර විස්මිත අයුරින් සාර්ථක කරමින් ලකුණු 32-30 කින් හැව්ලොක්ස් පිල ඉහළට ඔසවා තැබූ හෙතෙම ඊළඟ පහරත් ඉලක්කයටම යැවීය.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-13 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල දෙවැනි භාගයේ මුල සිටම සී.ආර්.පිලට තදබල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම කැපී පෙනුණි.
දෙවැනි භාගයේ ආරම්භයේදී සිය තුන්වැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් බැවින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමීමෙන් පසුව පිට පිට උත්සාහක දිනුම් 3 ක්ම තැබූ හැව්ලොක්ස් පිල මේ රතුබැනියම්කාරයන්ව අන්දමන්ද කිරීමට සමත්විය.
මුලින්ම රෝලිං මෝල් අවස්ථාවකින් නිසි ඵල නෙලාගත් චානක බණ්ඩාර අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත්වීමෙන් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 24-16 දක්වා ඉහළ ගියේය.
අනතුරුව ඊට මිනිත්තු 5කට පසුව තරගයේ සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට ප්‍රසාද් මධුසංඛ සමත්විය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමට දුලාජ් අසමත්වූවත් ලකුණු 29-16ක් ඉදිරියට යාමට හැව්ලොක්ස් පිල සමත්විය.
එහෙත් ඊට මොහොතකට පසුව හැව්ලොක්ස් ක්‍රීඩකයන් වෙතින් සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් දඬුවම් උත්සාහක දිනුමක් ලබමින් සිය ලකුණු සංඛ්‍යාව 23 දක්වා ඉහළ දමාගත් සී.ආර්.පිලට තරගය නිමාවීමට මිනිත්තු 10ක් තිබියදී පෙරමුණ ගෙනදෙමින් විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට රීසා රෆායිඩීන් සමත්විය. තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්රවර්ථන කිරීමෙන් ලකුණු 30-29 කින් සී.ආර්.පිලට ඉදිරියට ගියේය.
අවසානය වෙනස් වුයේ දඬුවම් පහර දෙකකිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.