Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහියංගනයේ සිට මහනුවර දක්වා පැවැති ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට කසකස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායම නියෝජනය කළ නෙපොම්න්යචෙෂි යෙව්ගෙනි සමත් විය.
කිලෝ මීටර 90.9 ක දුරකින් සමන්විත වූ දෙවැනි අදියර නිමා කිරීම සඳහා ඔහුට පැය 2 යි, විනාඩි 12 යි, තත්පර 23 ක කාලයක් ගතවිය.
අද (5 වැනිදා) පෙරවරු 9.05 ට මහියංගනය නගරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව අසලින් ආරම්භ වූ පාපැදි සවාරියේ දෙවැනි අදියර හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, දිගන සහ තැන්නේතුඹුර හරහා මහනුවර දක්වා පැමිණීමෙන් අවසන් විය.
විනෝ ඇස්ටානා කණ්ඩායමේම සාමාජිකයකු වූ කමිෂෙව් ආර්මන් සහ ඕස්ට්‍රේලියාවේ ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායමේ වයිට් නිකලස් පිළිවෙලින් එම අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූයේ යෙව්ගෙනිට වඩා තත්පර 12 ක් (ආර්මන්) සහ තත්පර 38 ක් (නිකලස්) පසුපසින් දෙවැනි අදියර නිමා කරමිනි.
දෙවැනි අදියර සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 13 ක් නියොජ්නය කරමින් ක්‍රීඩකයන් 64 ක් සහභාගි වූ අතර මහියංගනය නරගය වටා පැවැති මුල් කිලෝ මීටර 15 නිමාවනවාත් සමග විදෙස් ක්‍රීඩකයන් 8 දෙනෙක් සෙසු ක්‍රීඩකයන්ගෙන් මිදී පොකුරක් ලෙස ඉදිරියට ගමන් කළහ. තරගයේ කිලෝ මීටර 26 ක් නිමා කර 18 වංගුවට පිවිසෙනවාත් සමග එම ක්‍රීඩකයන් 8 දෙනා අතර සිටි ප්‍රංශ ආරක්ෂ සේවා කණ්ඩායමේ ඇමඩොරී ජුලියන් සෙසු ක්‍රීඩකයන් 7 දෙනා පසුකර තනිවම ඉදිරියට ඇදෙන්නට විය.
කෙසේ වුවත් 18 වංගුවේ අවසන් කොටසට ලඟා වන විට ජූලියන් නැවතත් සෙසු ක්‍රීඩකයන් සමග එක්වූ අතර ඒ වනවිට පළමු පොකුරට තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එක්ව සිටියහ. 18 වංගුව අතරතුරදී තරගය කුඩා කුඩා පොකුරු කිහිපයකට බෙදී වෙන්වූ අතර ඇතැම් ක්‍රීඩකයෝ තනි තනිවම තරගයේ නියැලුණහ. හුන්නස්ගිරිය ප්‍රදේශයේ පැවැති පල්ලම් සහිත මාර්ගය හේතුවෙන් තරගය තරමක් වේගවත් වූ අතර එම වේගවත් බව තරගය නිමාවන තෙක්ම පවත්වාගෙන යෑමට තරගකරුවෝ සමත් වූහ.
තරගයේ අවසන් කිලෝ මීටරය ආරම්භ වනවිට පළමු පොකුරේ සිටි ක්‍රීඩකයන් අතරින් 12 දෙනා අතරන් දෙදෙනෙක් (පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩකයන්) වෙන වෙනමද, තවත් ක්‍රීඩකයන් 8 දෙනෙක් එක පොකුරටද තරගය නිමා කළහ. පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩකයන් දෙදෙනාම කසකස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වීම නිසා දෙවැනි අදියර නිමාවන විට කණ්ඩායම් අංශයේ පෙරමුණ ගැනීමට එම කණ්ඩායමට හැකි විය.
දෙවැනි අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනාගෙන් 9 දෙනෙක්ම නියමිත වේලාවට නිමා කළ අතර නියමිත වේලාව පසුවී තරගය නිමා කළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ සංජු දිමන්තය. ඔහු ඊයේ (4 වැනිදා) පැවැති පළමු අදියර නිමා කළ පළමු ශ්‍රී ලාංකිකයාද විය. නියමිත වේලාව පසුවී තරගය නිමා කළද හෙට (6 වැනිදා) පැවැත්වෙන තෙවැනි අදියරට සහභාගි වීම සඳහා සංජුට කිසිදු බාධාවක් නොමැති බව තරගාවලියේ ප්‍රධාන විනිසුරු සුමිත් බාලසූරිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දෙවැනි අදියර නිමා කළ පළමු ශ්‍රී ලංකිකයා බවට පත්වූ විරාන් රමේෂ්ට ඒ සඳහා ගතවූ කාලය පැය 2 යි, විනාඩි 26 යි, තත්පර 36 කි. ඔහු දෙවැනි අදියරේ 30 වැනි ස්ථානයට පත්විය. ජනක හේමන්ත (පැය 2:27:57) සහ මධුෂංක ප්‍රභාත් (පැය 2:28:10) තරගය නිමා කළ දෙවැනි සහ තෙවැනි ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් දෙවැනි අදියරේ 34 වැනි සහ 36 වැනි ස්ථානවලට පත්වූහ.
තරගයේ දෙවැනි අදියර එක් ස්ප්‍රින්ට් (තැනිතලා මාර්ගයක වේගවත්ම ක්‍රීඩකයා තෝරා ගැනෙන) අදියරකින් සහ කඳු තරණ දෙකකින් සමන්විත විය. මහියංගනය නගරයේදී නිමාවට පත්වූ පළමු ස්ප්‍රින්ට් අදියර ජයගැනීමට ලාඕසයේ සී.එන්.එන්. පාපැදි කණ්ඩායම නියෝජනය කළ ග්‍රිෆින් ලෝගන් සමත් වූ අතර 18 වංගුවේ අවසන් කොටසේදී නිමාවට පත්වූ පළමු කඳු තරණ අදියර මෙන්ම හුන්නස්ගිරියේදී නිමාවට පත්වූ දෙවැනි කඳු නැගීමේ අදියර ජයගැනීමට ප්‍රංශ ආරක්ෂ සේවා කණ්ඩායමේ ඇමඩොරී ජුලියන් සමත් විය.
දෙවැනි අදියරේ 6 වැනි ස්ථානයට පත් වුවත්, පළමු අදියරේ තරග නිමි කාලයද සමගින් තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ජපානයේ කිනන් පාපැදි කණ්ඩායමේ නකජිමා යසුහරු සමත් විය. මෙතෙක් පැවැති අදියර 2 නිමා කිරීම සඳහා ඔහුට ගත වී ඇති මුළු කාලය පැය 5 යි, තත්පර 31 කි. මුලු තරග නිමි කාලය අනුව නකජිමාට වඩා තත්පර 3 ක් පමණක් පසුපසින් සිටින විනෝ ඇස්ටානා කණ්ඩායමේ ඇස්ටෆියෙව් ස්ටෙෆාන් සමස්ත තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.
දෙවැනි අදියර අවසානයේ තරගයේ වේගවත්ම ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන කොළ පැහැති කබාය මෙන්ම තරගයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන කහ පැහැති කබායද නකජිමා යසුහරුට හිමිවිය. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන තෙවැනි අදියරේදීද ඔහු කහ පැහැති කබාය පැළඳ තරග වැදීමට නියමිතය.
ඔහුට කබා දෙකම පැළද තරග වැදීමට නොහැකි බැවින් හෙට දිනයේදී කොළ පැහැති කබාය පැළඳ තරගවදින්නේ සමස්ත තරගයේ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්ව සිටින ඇස්ටෆියෙව් ස්ටෙෆාන්ය.
දෙවැනි අදියරේ තරග ප්‍රතිඵල
1 නෙපොම්න්යචෙෂි යෙව්ගෙනි - පැය 2:12:23 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
2 කමිෂෙව් ආර්මන් - පැය 2:12:35 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
3 වයිට් නිකලස් - පැය 2:13:01 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
4 මසුකි නූර් අමිරුල් - පැය 2:13:01 (ටෙරෙන්ගානු කණ්ඩායම - මැලේසියාව)
5 ඇස්ටෆියෙව් ස්ටෙෆාන් - පැය 2:13:01 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
6 නකජිමා යසුහරු - පැය 2:13:01 (කිනන් පාපැදි කණ්ඩායම- ජපානය)
7 වොලොෂින් ඇලෙක්සි - පැය 2:13:01 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
8 හිරට්සුකා යොෂිමිට්සු - පැය 2:13:01 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
9 කර්සුයෙවා ජොනෙල් - පැය 2:13:01 (ගෝ ෆෝ ගෝල්ඞ් කණ්ඩායම - පිලිපීනය)
10 ග්‍රිෆින් ලෝගන් - පැය 2:13:01 (සී.එන්.එන්. පාපැදි කණ්ඩායම - ලාඕසය)
සමස්ත තරග ප්‍රතිඵල
1 නකජිමා යසුහරු - පැය 5:00:31 (කිනන් පාපැදි කණ්ඩායම- ජපානය)
2 ඇස්ටෆියෙව් ස්ටෙෆාන් - පැය 5:00:34 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
3 හිරට්සුකා යොෂිමිට්සු - පැය 5:00:43 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
4 ග්‍රිෆින් ලෝගන් - පැය 5:03:05 (සී.එන්.එන්. පාපැදි කණ්ඩායම - ලාඕසය)
5 යොෂිඔකා නඕයා - පැය 5:03:12 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
6 නෙපොම්න්යචෙෂි යෙව්ගෙනි - පැය 2:03:18 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
7 ජෝන්ස් කැම්බල් - පැය 5:03:19 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
8 කමිෂෙව් ආර්මන් - පැය 5:03:32 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
9 වයිට් නිකලස් - පැය 5:04:02 (ඔලිවර්ස් රියල් ෆුඞ් කණ්ඩායම - ඕස්ට්‍රේලියාව)
10 කර්සුයෙවා ජොනෙල් - පැය 5:04:06 (ගෝ ෆෝ ගෝල්ඞ් කණ්ඩායම - පිලිපීනය)
‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරිය - දෙවැනි අදියරේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.