Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි දිනයට වැස්සෙන් බාධා

දෙවැනි දිනයට වැස්සෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පැමිණියද කිසියම් නිශ්චිත සැලැස්මක් අනුව පන්දු යවමින් සිටි ශ්‍රී ලාංකිකයන් හමුවේ සිය කඩුල්ල රැකගැනීමට සමත් වූ ඩෙවොන් ස්මිත් විවේචකයන්ගෙන් බේරීමට ඉවහල්විය හැකි අර්ධ ශතකයක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍රීඩාව නිමා වන විට කොදෙව් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය.

සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙම තරගය ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 253 කට දැවී ගිය අතර පළමු තරගයේදී ලකුණු 226 ක ජයක් අත්කරගත් කොදෙව් පිල 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

වර්ෂාවෙන් බාධා පැමිණුන හෙයින් ඊයේ දිනයේදී යැවිය හැකිවූයේ ඕවර 43 කටත් අඩු සංඛ්‍යාවකි. වරින් වර තරගය නතර කළ නමුත් සිය අවධානය බිඳ නොගත් ඩෙවොන් ස්මිත් අර්ධ ශතකය ලබාගත්තේය. වසර තුනකට පසුව නැවතත් කණ්ඩායමට එක්වූ ඩෙවොන් ස්මිත් පළමු ටෙස්ට් තරගයේදී අසාර්ථක වූ නමුත් දෙවැනි තරගය සඳහා රඳවාගත්තේ එම තරගය ජයගැනීමට කොදෙව් පිල සමත් වූ හෙයිනි.

සිය 40 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ස්මිත්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 24.97 කි. මෙවන් තත්ත්වයක් හමුවේ තමන්ගේ විවේචකයන් වෙතින් එල්ල  වන පීඩනය හොඳින්ම දැන සිටි ස්මිත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අර්ධ ශතකයක් කරා යාමට සිත දැඩිකරගෙන සිටියේය. වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම වැසිබර කාලගුණික තත්ත්වයන් යටතේ කොදෙව් පිතිකරුවන්ට සෑහෙන හිසරදයක් නිර්මාණය කර තිබිණ.

පළමු ටෙස්ට් තරගයේදී සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාර, මෙම තරගයේදීත් තරමක් වේගයෙන් පන්දු යවමින් එය පිතිකරුවන්ට තර්ජනයක් වන මට්ටමේ පවත්වාගත්තේය. වේග පන්දු යවන්නන්ට තණතීරුවෙන් ලැබෙන සහයෝගය මැනවින් උකහාගනිමින් සිටි ළහිරු කුමාර අවස්ථා කිහිපයකදීම කළ ඉල්ලීම් අපතේ ගියේ විනිසුරු තීරණය වඩා බලවත් වූ බැවිනි. කෙසේ වෙතත් ළහිරු කුමාරගේ වෙහෙසකර උත්සාහය අවසානයේ සාර්ථක විය. ඉතා පහතින් ඇදී ආ කිරන් පවෙල්ගේ උඩපන්දුව රැකගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වූ බැවින් ළහිරුට කඩුල්ලක් හිමිවිය.

වේග පන්දු යවන්නන් හමුවේ ප්‍රවේසමෙන් පිත්ත හසුරුවාගත් ස්මිත් පිට දඟ පන්දු යවන්නා වන අඛිල ධනංජය හමුවේ තරමත් ආක්‍රමණශීලී වුයේය. එහෙත් එයින් ධනංජය ලද ප්‍රයෝජනයක් නොවීය.

පිට ඉන්නට එපිටින් යන පන්දුවට පිත්ත දැමීම පුරුද්දක් කරගෙන සිටින ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම දැවී ගිය ආකාරයෙන්ම ඊයේත් දැවී ගියේ කසුන් රාජිතගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමිනි.

දිගින් දිගටම වැටුණ වැස්ස හේතුවෙන් දිවා ආහාරයෙන් පසුව යැවිය හැකිවූයේ ඕවර 18 ක් පමණි. කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කරන්නේ ඉදිරි දින දෙකේදීත් වර්ෂාව පැවතිය  හැකි බවයි.

ශ්‍රී ලංකා - පළමු ඉනිම 
කුසල් පෙරේරා  - ඇ. හෝල්ඩර් ප. රෝච් 32
මහේල උඩවත්ත  - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ප.ගේබ්‍රියෙල් 12
කුසල් මෙන්ඩිස්  - ඇ.ඩව්රිච් ප.හෝල්ඩර් 45
දිනේෂ් චන්දිමාල්  - නොදැවී 119
රොෂේන් සිල්වා - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 6
නිරෝෂන් දික්වැල්ල- ඇ.හෝප් ප.ගේබ්‍රියෙල් 16
අකිල ධනංජය - ඇ. ඩව්රිච් ප. රෝච් 2
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 10
කසුන් රාජිත - ඇ. ඩව්රිච් ප. රෝච් 4
ළහිරු කුමාර - ඇ. හෝප් ප. රෝච් 0
අතිරේක (බ-1, නි-2, ව-2,පා-2) 7
එකතුව ඕවර 79 කදී සියලුදෙනා දැවී  253
කඩුලු වැටීම :
 1-1 (උඩවත්ත), 2-15 (ධනංජය ද සිල්වා), 3-59 (කුසල් පෙරේරා), 4-126 ( මෙන්ඩිස්), 5- 148 (රොෂේන් සිල්වා), 6-179 (දික්වැල්ල), 7-190 (අකිල ධනංජය), 8-206 (ලක්මාල්),9- 237 (රාජිත),10- 253 (කුමාර)
පන්දු යැවීම:
කෙමාර් රෝච් 18-8-49-4
ෂැනෝන් ගේබ්‍රියෙල් 16-4-59-5
මිගෙල් කමින්ස්  19-5-69-0
ජේසන් හෝල්ඩර්  14-2-56-1
දේවේන්ද්‍ර බිශූ 11-3-15-0
රොස්ටන් චේස් 1-0-2-0
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ. දික්වැල්ල ප.රාජිත 22
ඩෙවෝන් ස්මිත් -නොදැවී  53
කිරන් පවෙල් - ඇ. මෙන්ඩිස් ප. ළහිරු  27
ෂායි හෝප් - නොදැවී 2
අතිරේක (බ-4, පා-7, ව-3) 14
එකතුව ඕවර 44.3 කදී කඩුලු 2ක් දැවී  118
කඩුලු වැටීම :
1-59 (බ්‍රැත්වෙයිට්), 2-115 (පවෙල්)
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ
රොස්ටන් චේස්, ෂේන් ඩව්රිච්,
ඩේසන් හෝල්ඩර්, දේවේන්ද්‍ර බිශූ, කෙමාර් රෝච්, 
මිගෙල් කමින්ස්, ෂැනෝන් ගේබ්‍රියෙල්
පන්දු යැවීම:
සුරංග ලක්මාල් 10-4-15-0
අකිල ධනංජය  9-4-19-0
කසුන් රාජිත 12-4-25-1
ළහිරු කුමාර  13.3-2-48-1

 

 


අදහස් (0)

දෙවැනි දිනයට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.