Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි එක්දින තරගයට ජොන්සන් එයි

දෙවැනි එක්දින තරගයට ජොන්සන් එයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැති පළමු එක්දින තරගයට කී‍්‍රඩා නොකළ මිචෙල් ජොන්සන් දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට සහභාගි වීම සඳහා බි‍්‍රස්බේන් නුවරට පැමිණ සිටී. එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට (17 වැනිදා) බි‍්‍රස්බේන් නුවර වූලන්ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

දුටුවන් බියගන්වන ආකාරයේ උඩු රැුවුලකින් යුතු මිචෙල් ජොන්සන් අළු බඳුන තරගාවලියේදී කඩුලූ 37 ක් දවාගනිමින් එංගලන්ත පිලට 5-0 ක පරාජයක් උරුම කර දුන්නේය.  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවා මෙන්ම තුන් ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන් ඉදිරි තරග දෙකේදී විවේක ගැන්වීමට නියමිතය.

කෙසේ වෙතත් වොට්සන්ගේ හිස්තැන පිරවීම සඳහා ඩෑන් කි‍්‍රස්ටියන් සංචිතයට කැඳවා ඇති අතර වොට්සන් අවසන් එක්දින තරගය සඳහා ඇඩිලේඞ්හිදී නැවතත්  ඕස්ටේ‍්‍රලියානු පිලට එක්වීමට නියමිතය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී පළමු තරගය ජයගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම 1x0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.


අදහස් (0)

දෙවැනි එක්දින තරගයට ජොන්සන් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.