Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලනික වශයෙන් බලපෑමට හසුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු පිළිගනිති. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලනාධිකාරිය “ශ්‍රී ලංකාව දෙස හොඳින් බලා සිටින නිසා” බවද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
“අයි.සී.සී. එක (අන්තර්ජාතික ක්‍රිකට් සභාව) දන්නවා මෙතන මොකක්ද වෙන්නේ කියලා. අනිත් ක්‍රීඩාවලත් එහෙමයි. ඒ ඒ ක්‍රීඩාවල මව් සංගම් බලාගෙන ඉන්නේ මෙහේ මොකද වෙන්නේ කියලා”
“අපට සල්ලි දෙන්නේ මව් සංගමයෙන්....”
“අපේ ගිණුම් අනුමත කරලා යවන කම් අපට අයි.සී.සී. එකෙන් සල්ලි එවන්නේ නෑ. ඒ හින්දා ඒගොල්ලන් අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ සඳහාම වෙනමම කමිටු තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් වන බව දැණුන හැටියටම ඒ ගොල්ලන් ඇවිල්ලා මැදිහත් වෙනවා” යයි ශම්මි සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද පෙරවරුවේදී පැවැත්විණ. නිලවරණය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා මහතා ඉහත ප්‍රකාශය කළේය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට පත්වූයේ පිට පිටම තුන්වැනි වතාවටය.
සිය සභාපතිවරයගේ අදහස් තහවුරු කළ මොහාන් ද සිල්වා මහතා කීවේ වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් නොවන බවයි.
“අපට ස්වාධීනව කරන්න ඕනෑකම තිබුණත්, එහෙම කරගන්න බැරි හුඟාක් දේවල් තියෙනවා.”
“ඒ ගැන (පවතින දේශපාලනික බලපෑම් වලින් මිදීම සම්බන්ධයෙන්) තවමත් අපට අයි.සී.සී. එකෙන් සහතිකයක් ලැබිලා නෑ. ඒත් අපට ඒ ගැන විශ්වාසයක් නම් තියෙනවා” යයි මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
“අපට ඒ ගැන විශ්වාසයක් තියෙන හේතුව තමයි අපි ඡන්දයෙන් පත්වුණ කණ්ඩායමක් වීම. සාමාන්‍යයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පිළිගන්නේ ඡන්දයෙන් පත්වුණ කණ්ඩායමක් තමයි” යයි ශම්මි සිල්වා මහතා කීවේය.
දේශපාලන බලපම් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්, ස්වාධීන පුද්ගලයන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාත් හමුවිය. එහෙත් කවාජා මහතාගේ පැමිණීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කළේ කවුරුන්ද යන්න හෝ ක්‍රිකට් ආයතනයට ඇතිවන දේශපාලනික බලපෑම් සම්බන්ධයෙන් නිශ්චිතව හෙළිදරව් කිරීමට ක්‍රිකට් සභාපතිවරයා පසුබට වූයේය.
“ලංකාව ගැන විතරක් නෙමේ, ලෝකයේ ක්‍රිකට් ගහන අනෙක් රටවල් දිහාත් ඒ ගොල්ලන් (අයි.සී.සී. නිලධාරීන්) බලාගෙන ඉන්නවා. මීට ඉස්සර සිම්බාබ්වේ රටේත් මේ වගේ තත්ත්වයක් තිබුණා. සිම්බාබ්වේ රජයෙන් අත පෙවීමක් කළා. එතකොට සිම්බාබ්වේ ක්‍රිකට් සේරම අයි.සී.සී. එකෙන් නැවැත්තුවා. ඒත් සුමාන දෙකකින් ඒක නිරාකරණය කරගෙන, සිම්බාබ්වේ ආයෙමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වයට ගෙනාවා” යයි කී ශම්මි සිල්වා මහතා,...
“අපට ඇතිවෙච්ච දේශපාලන බලපෑම් ගැන මේ සභාවෙදි කියන්න බෑ. ඒවා කියන්න ඕන තැන්වලදි අපි කියලා තියෙනවා. ඒක ජනාධිපතිතුමාටත් අපි දන්වල තියෙනවා. ඒ නිසා අපි ඒක වෙනමම කතා කරමු”
“මේ සභාව ඒ ගැන කතා කරන්න සුදුසු තැනක් නෙමේ” යයි ද පැවසීය.
මොහාන් ද සිල්වා මහතා කීවේ ජාතික ක්‍රීඩා සංගමයක් වශයෙන් තමන් මුහුණ දෙන අපහසුතා පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් නියෝජිතයාට කරුණු දන්වා සිටි බවයි.
“ඇත්තම කියනවා නම් අපි අයි.සී.සී. නියෝජිතයාත් එක්ක දීර්ඝව සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවෙදී අපේ දුක්ගැනවිල්ල, නැත්නම් අපට තියෙන ප්‍රශ්න, අපි එයාට පෙන්නලා දුන්නා. ඊට පස්සේ අපි ක්‍රීඩා ඇමතිවරයා මුණ ගැසුණා. එතැනදීත් අපි අපේ දුක්ගැනවිල්ල ගැන කිව්වා” යයි ද ලේකම්වරයා පැවසීය.
ක්‍රීඩා ඇමතිවරයා විසින් පසුගිය දෙසැම්බරයේදී ගැසට් කරන ලද රෙගුලාසි ක්‍රියාත්මක වූයේ නම් ශම්මි සිල්වා මහතාට තුන්වැනි වතාවටත් සභාපති තනතුරට පත්විය නොහැකි වනු ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 නිලවරණයට බාධා කරමින් එම රෙගුලාසි ක්‍රියාත්මක කළහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමේ දැඩි අවදානමක් තිබිණ. මෙම පසුබිම මත, ඉකුත් දෙසැම්බරයේදී ගැසට් කරන ලද රෙගුලාසි, “අතීතයට බල නොපැවැත්වෙන ආකාරයට” ක්‍රියාත්මක කරන්නේ යයි ඇමතිවරයා කියා ඇති බැවින් ශම්මි සිල්වා මහතා පිට පිටම තුන්වැනි වතාවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට පත්විය.
අද පෙරවරුවේදී පැවැති නිලවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර සිටි ඇතැම් අපේක්‍ෂකයන් සිය කැමැත්තෙන් නාම යෝජනා ඉල්ලා අස්කරගත් අතර ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිස නිතරගයෙන් තනතුරු වලට පත්වූහ. සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත් කර තිබූ, හිටපු අතුරු කමිටු සභාපතිවරයකු ද වන ජයන්ත ධර්මදාස මහතාත්, සභාපති තනතුරේ නාම යෝජනාව ඉල්ලා අස්කරගනිමින් උප සභාපති තනතුරකට පත්විය.
හිටපු භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවීම හේතුවෙන් උප භාණ්ඩාගාරික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ සුජීව ගොඩලියැද්ද මහතා භාණ්ඩාගාරික තනතුරට පත්විය. උප භාණ්ඩාගාරික තනතුර සඳහා සුදුසු නියෝජිතයකු ඉදිරියේදී පත්කරගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරී මණ්ඩලයට (වමේ සිට)
ක්‍රිෂාන්ත කපුවත්ත (උප ලේකම්), මොහාන් ද සිල්වා (ලේකම්), රවීන් වික්‍රමරත්න (උප සභාපති), ශම්මි සිල්වා (සභාපති), ජයන්ත ධර්මදාස (උප සභාපති), සුජීව ගොඩලියැද්ද (භාණ්ඩාගාරික)
Anura Nanayakkara Sunday, 21 May 2023 10:09 AM
පිටරටට කේලම් කියා තමන්ට බලය තහවුරු කරගන්න මෙරට ක්‍රිකට් බලධාරීන්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.