Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වසර 7 කට පසුව දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව මෙම වසරේදී (2024) ශ්‍රී ලංකාවට හිමිව තිබේ. දකුණු ආසියානු මේසපන්දු සම්මේලනය ශ්‍රී ලංකා මේපන්දු සංගමයට කළ ආරාධනාවට අනුව රටවල් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය මැයි මස 4 වැනිදා සිට 7 වැනිදා දක්වා මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අවසන් වරට ශ්‍රී ලංකාවේදී දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියක් පැවැතියේ 2017 වසරේදී වන අතර රටවල් 5 ක සහභාගී වූ එම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන මෙම දකුණු ආසියානු තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාස්කිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය සහභාගී වීමට නියමිතය.
මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර පළමු අදියරේදී අවුරුදු 19 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා ලෙස කණ්ඩායම් තරග පැවැත්වේ. එහි එක් කණ්ඩායම් තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වනු ඇත.
දෙවැනි අදියරේදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය සඳහා බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්වෙන අතර 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල සහ බාලිකා යුගල තරග පමණක් පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා විදෙස් තරග තීරකවරයකු සහ විදෙස් විනිසුරුවන් 5 දෙනකුද සහභාවීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් සහ විදෙස් කණ්ඩායම්වලට ලබා දෙන පහසුකම්ද ඇතුළුව තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ඇස්තමේන්තුගත කර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටියක් ඉක්මවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.