Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිවා-රාත්‍රී ටෙස්ට් තරගයකට ඉන්දියාවේ අකමැත්ත

දිවා-රාත්‍රී ටෙස්ට් තරගයකට ඉන්දියාවේ අකමැත්ත

ශනුක අරවින්ද - 2018 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර අග භාගයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ඇතුළත්ව තිබූ දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගි වීමට ඉන්දියාව අප්‍රසාදය පළ කර ඇතැයි ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි.

“ඔවුන් දිවා-රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වීමට සූදානම් නැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ඇඩිලේඞ්හිදි පැවැත්වීමට නියමිතව තිබූ දිවා/රාත්‍රී ටෙස්ට් තරගය දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට අපි කටයුතු යොදනවා.” යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයෙක් සඳහන් කළේය.

“අපි දන්නවා ඇඩිලේඞ්හි වෙසෙන ඇතැම් ක්‍රිකට් රසිකයන් දිවා-රාත්‍රී ටෙස්ට් තරගය නොපැවැත්වීම සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වෙනවා කියලා. එහෙත් අපිට වඩාත් වැදගත් වෙන්නේ මේ දෙසැම්බරයේ ඉන්දියාව සමග ඇඩිලේඞ්හිදී ටෙස්ට් තරගයක් පැවැත්වීමයි.” යැයිද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඉන්දියාව තවමත් දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වී නොමැති අතර ඔවුන් විදුලි ආලෝකය මධ්‍යයේ රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම සඳහා මහත් නුපුරුදු බවකින් පසුවෙයි.

2015 වසරේදී නවසීලන්තයට එරෙහිව පළමු වරට දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තරගයත් සමග මෙතෙක් සහභාගි වූ දිවා/රාත්‍රී ටෙස්ට් තරග හතරේදීම ජයග්‍රහණ ලබා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එකම දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදීද පාකිස්තානය පරාජය කරමින් ජයගත්තේය.

 

- 036

 


අදහස් (0)

දිවා-රාත්‍රී ටෙස්ට් තරගයකට ඉන්දියාවේ අකමැත්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.