Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිස්ත්රික් පාපැදි ශූරතා තරගාවලි ජූනි මාසයට පෙර පවත්වා අවසන් කරන ලෙස ශ්රී ලංකා පාපැදි සම්මේලනය දිස්ත්රික් පාපැදි සංගම් වෙත උපදෙස් දී තිබේ. එහි විධායක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව ඒ සඳහා දිස්ත්රික් පාපැදි සංගම් සඳහා රුපියල් 50,000ක් වන දිරි දීමනාවක් බැගින් ලබාදීමට ද කටයුතු කෙරේ.
මෙම වසරට නියමිත ජාතික පාපැදි ශූරතාවලියට දිස්ත්රික් මට්ටමින් ක්රීඩක ක්රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා දිස්ත්රික් පාපැදි තරගාවලි සංවිධානය කෙරේ.
දැනට රට තුළ දිස්ත්රික් පාපැදි සංගම් 10 ක් පමණ ක්රියාත්මක වන අතර පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ පාපැදි සම්මේලනයේ අධීක්ෂණයෙන් ඉදිරියේදී දැනට දිස්ත්රික් පාපැදි සංගම් ක්රියාත්මක නොවන දිස්ත්රික්කයන්හි ද එම සංගම් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වුවත් දිස්ත්රික් පාපැදි සංගම් ස්ථාපිත නොවූවත් ශ්රී ලංකාවේ ඕනෑම පාපැදි ක්රීඩකයකුට පාපැදි සම්මේලනය හරහා බලපත්රය ලබා ගැනීමේ පහසුකම සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර පාපැදි සම්මේලනය දිස්ත්රික් පාපැදි තරගාවලි පැවැත්වීමේදී උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එම උපදෙස් මාලාව පහත පරිදි වේ.
■ මැයි මාසය තුළදී තරග පවත්වා අවසන් කිරීම.
■ සියලු තරගකරුවන් පාපැදි සම්මේලනයේ අනුමත බලපත්රලාභීන් වීම.
■ පාපැදි සම්මේලනය අලුතින් හඳුන්වා දුන් පරිදි තරග අවස්ථාවලදී තරගකරුවන්ට ආධාරක රථ හා ආධාරක යතුරුපැදි රථවල ආධාර ලබාගැනීම තහනම් කිරීම.
■ අවම වශයෙන් කිලෝමීටර් 10ක් පමණ වන මාර්ගයන්හි තරග පැවැත්වීම.
■ එසේ නොවන්නේ නම් ඒ සඳහා පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ උපදෙස් පැතීම.
■ තරගාවලිය පිළිබඳව දින හතකට පෙර පාපැදි සම්මේලනයට දැනුම් දී ඔවුන්ගේ අනුමැතිය ලබන විනිසුරුවරයකුගේ අධීක්ෂණය ලබාගැනීම.
■ තරගයෙන් පසුව ක්රීඩකයන්ගේ ලේඛනය ප්රතිඵල ලේඛනය විනිසුරු ලේඛනය දින හතක් ඉක්මවීමට පෙර අදාළ දිස්ත්රික් සංගමයට යොමු කිරීම එම උපදෙස් මාලාව වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.