Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස පිටියේදී ආරම්භ වූ ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ අද (20) දිනය නිමාවේදී හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වීමට යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.
නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවු දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 62.39 ක දක්ෂතාවයක් එහිදි පෙන්නුම් කරමින් 2016 වසරේ ලයිට් ඉන්ෆැන්ටි්‍ර ක්‍රීඩා සමාජයේ කේ. ගාමිණි ඒකනායක එතෙක් පිහිටුවා තිබූ නව හ්‍රී ලංකා වාර්තාව මෙලෙස බිඳ හෙළීය. මීටර 53.8 ක දක්ෂතාවයක් පෙන්නුම් කළ හිටපු ශූර ගාමිණි ඒකනායකට දෙවැනි ස්ථානයෙන් සැහීමට සිදුවිය.
2016 වසරේ බ්‍රසීලයේ රියෝහිදී පැවති පැරා ලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනිමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. එය පැරා ලිම්පික් උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් දෙවැනි පදක්කම බවටද පත්විය.
ඊයේ දිනයේදී ඉසව් 100 කට වැඩි ගණනක් පැවැත්වුණු අතර එහිදි නව වාර්තා රැසක්ද බිහි විය. එහෙත් මේ සම්බන්ධයෙන් නිල වාර්තා මාධ්‍ය වෙත ලබා දීමට සංවිධායකයෝ අපොහොසත් වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.