Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනූක පෙර අර්ධ අවසන් පූර්ව වටයට

දිනූක පෙර අර්ධ අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ දිනූක කරුණාරත්න සමත් විය. 

තරගාවලියේ 7 වැනි දිනය වන අද (24 වැනිදා) පැවැති එම ඉසව්වේ 32 දෙදෙනාගේ වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස මැකාවෝ රාජ්‍යයේ පුයි පැංෆොං පරාජට කරමින් දිනූක පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහි පළමු වටයේදී ලකුණු 21/14 ක් ලෙස පැංෆොං පරාජය කළ දිනූක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/15 ක් ලෙසිනි. 

ඒ අනුව හෙට (25 වැනිදා) පැවැත්වෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හොංකොං රාජ්‍යයේ කාලොං අන්ගුස්ට එරෙහිව දිනූක තරග බිමට පිවිසීමට නියමිතය. 

පිරිමි කේවල ඉසව්වේ 32 දෙදෙනාගේ වටය යටතේ අද පැවැති තවත් තරගයකට සහභාගි වූ දිනූකගේ සොහොයුරු නිලූක කරුණාරත්න, එහිදී තායිලන්ත ක්‍රීඩක ෆෙට්ප්‍රැඩැබ් කොසිට් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. 

එම තරගයේ වට දෙකේදීම නිලූක පරාජයට පත්වූ වූයේ ලකුණු 21/12 ක් ලෙසිනි. මෙම පරාජයක් සමග නිලූකට තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාවද අහිමිවී ගියේය. 

-036 


අදහස් (0)

දිනූක පෙර අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.