Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දින 4 ට නව වාර්තා 24 යි

දින 4 ට නව වාර්තා 24 යි

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය අබලන් තත්ත්වයකින් පැවතියත් එහි පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේදී ධාවන ඉසව් රැසකින් නව වාර්තා පිහිටුවීමට පාසල් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවෝ සමත්ව සිටිති.

තරගාවලියේ සිව් වැනි දිනය වූ අද (11) තරග  නිමා වන විට නව වාර්තා 24 ක් පිහිටුවා තිබුණු අතර, ඉන් 16 ක්ම ධාවන ඉසව් වෙතින් වීම කැපී පෙනුණි.

කොළඹ සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථය මේ වන විට දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබෙන බැවින් මේ වන විට ජාතික මට්ටමේ මලල ක‍්‍රීඩා තරගාවලි වැඩි ප‍්‍රමාණයක් දියගම ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට මලල ක‍්‍රීඩා තරග සංවිධායකයෝ උනන්දු වී සිටිති. එසේ වුවත් එහි කෘති‍්‍රම ධාවන පථයේ තත්ත්වය ද මේ වන විට පවතින්නේ අසතුටුදායක මට්ටමකිනි. තැන තැන කඩතොලූ විම් දියගම ක‍්‍රීඩාංගණයේ සුලබ දසුනකි.

සුගතදාස ක‍්‍රීඩාංගණයේ අසතුටුදායක තත්ත්වය නිසා මේ වසරේදීත් සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලිය දියගම ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කෙරුණි.

පිටියේ ඉසව් වෙතින් බිහි වූ නව වාර්තා අතර අම්බලන්ගොඩ ධර්මාශෝක  විදුහලේ විෂාදි අබේරත්න දුර පැනීම වයස 17න් පහළ බාලිකා ඉසව්වෙන් පිහිටුවූ නව වාර්තාව කැපී පෙනුණි. එහිදී විෂාදිගේ දස්කම් මීටර් 5.98 කට විහිදුණි. එය වසර 19 ක එහි පැරැණි වාර්තාව බිඳ වැටීමකි.

1996 දී එවකට ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විදුහලේ සිසුවියකව සිටි, පසුව ජාතික ශූරියක් බවටද පත්වූ අනෝමා සූරියආරච්චි එහි පැරැණි වාර්තාව 1996 දී පිහිටවූයේ මීටර 5.85කටය.

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාප්ත උත්සවය හෙට (12) පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
අවසන් දිනයේ ඉසව් අවසන් තරග 25ක් පැවැත්වෙන බව තරගාවලියේ නියෝජ්‍ය ලේකම් ලක්ෂ්මන් හපුආරච්චි මහතා පවසයි.

ගියවර (2014) තරගාවලියේදී බිහිවූ නව වාර්තා ගණන 15 කට සීමා විය.


ඊයේ සහ අද (10-11) නව තරග වාර්තා

  • දුර පැනීම - වයස 17න් පහළ බාලිකා - විෂාදි අබේරත්න (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල - මීටර් 5.98)
  • මීටර් 400 - වයස 17න් පහළ - බාලක - අරුණ දර්ශන (ගලේවෙල වීර කැප්පෙටිපොල ජාතික පාසල - තත්ත්පර 48.84)
  • මීටර් 4X100 වයස 17න් පහළ බාලක - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් කණ්ඩායම - තත්ත්පර 42.81)
  • රිටි පැනීම - වයස 17න් පහළ බාලක - නාපතලි ජොයිෂාන් (යාපනය අරුණෝදය විදුහල - මීටර 4.12)
  • තුන් පිම්ම - වයස 19න් පහළ බාලක චමල් කුමාරසිරි (මීරිගම ඞී.එස්. සේනානායක මහ විදුහල මීටර 15.38)
  • මීටර 400X4 වයස 17න් පහළ බාලක කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් කණ්ඩායම (විනාඩි 3. තත්ත්පර 27.38)
  • මීටර 110 - කඩුලූ වයස 19න් පහළ බාලක එස්.ඒ.අයි. මිලින්ද (ගලේවෙල මැදි විදුහල තත්ත්පර 14.23)
  • මීටර 400 - වයස 15න් පහළ බාලක ඞී.එම්. බෝගොඩ (කුරුණැගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහල තත්ත්පර 51.01)
  • මීටර 400 වයස 19න් පහළ බාලිකා - ඔමායා උදයංගනී (වැලිමඩ මධ්‍ය මහ විදුහල -  තත්ත්පර 55.37)

 

ඡායාරූප - සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි


අදහස් (0)

දින 4 ට නව වාර්තා 24 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.