Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේ දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ‘ටී. වී. එස්.’ කණ්ඩායම ශූරතාව දිනාගත්තද, ඊට විරෝධය දක්වමින් ‘හොණ්ඩා’ කණ්ඩායමේ සාමාජිකයන් කියා සිටියේ ප්‍රසාද ලකුණු මට්ටම අනුව ටී. වී. එස්. කණ්ඩායමට වඩා සිය කණ්ඩායම ඉදිරියෙන් සිටින බවකි.
මෙහිදී ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන ‘ටී. වී. එස්.’ කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණ අතර ගයාන් සඳරුවන් සහ ශානුක සඳරුවන් ‘හොණ්ඩා’ කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදිණ.
ශානුක සඳරුවන් පළමු ස්ථාන දෙකක් (ලකුණු 10 බැගින්) ලබාගනිමින් ලකුණු 20 ක්ද, ගයාන් සඳරුවන් සිව්වැනි ස්ථානයක් (ලකුණු 5) සහ පස්වැනි ස්ථානයක් (ලකුණු 4) ලබාගනිමින් ලකුණු 9 ක්ද ‘හොණ්ඩා’ කණ්ඩායමට එක්කළහ. ඒ අනුව ඔවුන්ගේ මුලූ ලකුණු සංඛ්‍යාව 29 කි.
ඉෂාන් දසනායක පළමු ස්ථානයක් (ලකුණු 10) සහ දෙවැනි ස්ථානයක් (ලකුණු 8) ලබාගනිමින් ලකුණු 18 ක්ද, ජැක් ගුණවර්ධන පළමු ස්ථානයක් (ලකුණු 10) සහ 7 වැනි ස්ථානයක් (ලකුණු 2) ලබාගනිමින් ලකුණු 12 ක්ද ‘ටී. වී. එස්.’ කණ්ඩායමට එක්කළහ. ඒ අනුව ඔවුන්ගේ මුලූ ලකුණු සංඛ්‍යාව 30 ක් විය යුතුය.
කෙසේ වුවත් ‘හොණ්ඩා’ කණ්ඩායමේ සාමාජිකයන් කියා සිටින්නේ ජැක් ගුණවර්ධන, සහභාගි වූ දෙවැනි තරගය අතුරතුර ඔහු ධාවන පථය මත ඇද වැටීම නිසා ඔහුට එම තරගයේ නියමිත වට සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවකි. ඒ අනුව ඔහුට 7 වැනියාට හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබාදිය නොහැකි බවත්, එසේ වන්නේ නම් ‘ටී. වී. එස්.’ කණ්ඩායමෙන් ලකුණු 2 ක් අඩුවන අතර ඔවුන්ට වඩා තම කණ්ඩායම එක් ප්‍රසාද ලකුණකින් ඉදිරියෙන් සිටින බවත් ‘හොණ්ඩා’ කණ්ඩායමේ මතය විය.
මේ සම්බන්ධයෙන් තරග සංවිධායක ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයේ නියෝජිතයෙකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ තරග වාර්තා පරීක්ෂා කර බලා යම් වරදක් වී ඇත්නම් සියැට්-ස්ලාඩා ශූරතාවලියේ මීලග අදියර වන ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී එය නිවැරදි කරන බවයි.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.