Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනිඳු ලේටන් කුසලාන දිනාගනී

දිනිඳු ලේටන් කුසලාන දිනාගනී

ශනුක අරවින්ද - 2016 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ මාස් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ දිනිදු සපරමාදු ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී දක්ෂතම කී‍්‍රඩකයා වෙමින් ලේටන් කුසලාන දිනාගත්තේය. තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කේෂානි හංසිකා සම්මාන දිනාගත්තාය.

මෙම තරගාවලියේදී රන් පදක්කම් 11 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගනිමින් වැඩි ගෞරව අත්කරගැනීමට මාස් සාමගමේ කී‍්‍රඩා සමාජ නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

යුද හමුදාව එහිදී රන් පදක්කම් 3 ක් දිනාගත් අතර නාවික හමුදාව සහ හෙළ ක්ලෝදින් සමාගම රන් පදක්කම් 2 බැගින් දිනාගත්තේය. ඉතිරි රන් පදක්කම් 2 ගුවන් හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර බෙදී ගියේය.

දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ ඒ. එන්. බණ්ඩාරද, දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝදින් කී‍්‍රඩා සමාජයේ එරන්දි ගිම්හානිද සම්මාන හිමිකරගත්හ.

මෙහිදී මාස් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය නියෝජනය කළ ජී. එස්. ජයවීර, පිට පිටම සිව්වැනි වරටත් ලේටන් කුසලාන තරගාවලියකදී ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලි, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා, කැෂුවල් ලයින්, හෙළ ක්ලෝදින් යන කී‍්‍රඩා සමාජ නියොජනය කරමින් කී‍්‍රඩකයෝ 93 ක් සහ කී‍්‍රඩිකාවෝ 49 ක් මෙම තරගාවලියට සහභාගි වූහ.

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

දක්ෂතම කී‍්‍රඩකයා බවට පත් වූ දිනිඳු සපරමාදු සහ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත් වූ කේෂානි හංසිකා...

 

දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව බවට පත් වූ එරන්දි ගිම්හානි සහ දක්ෂතම පරාජිතයා බවට පත් වූ ඒ. එන්. බණ්ඩාර...

 

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ විශේෂ අවස්ථා...


අදහස් (0)

දිනිඳු ලේටන් කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.