Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනේෂ් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

දිනේෂ් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනීකා සෙනෙවිරත්න සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-0 ක් (6/2, 6/4) ලෙස සංඛ අතුකෝරල සහ මේදිරා සමරසිංහ පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 (6/1, 6/1) ලෙස අවින්ද්‍ර පෙරේරා සහ කේමාලි හේරත් පරාජය කරමින් දිනේෂ්කාන්තන් සහ අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. සංඛ සහ මේදිරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 6/3) ලෙස යසිත ද සිල්වා සහ අම්රිතා මුත්තයියා පරාජය කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතා (මිශ්‍ර යුගල සහ කාන්තා යුගල) දිනාගැනීමටද අනීකා සෙනෙවිරත්න සමත් වූවාය.

කේවල අවසන් මහ තරගයේදී මේදිරා හමුවේ පරාජයට පත් වූ අනීකා, කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ ජිත්මි ජයවික්‍රම සමග එක්ව තරග වදිමිනි. එම ඉසව්වේ අවසන් මහ තරගයේදී ඔවුන් දෙදෙනා හමුවේ වට 2-0 ක් (6/1, 6/1) ලෙස පරාජයට පත් වූයේ අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහය.

මෙම තරගාවලිය මේ මස 20 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

දිනේෂ් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.