Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනිඳු ලෝක ශූරතාවලියට යයි

දිනිඳු ලෝක ශූරතාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්වෙන බොක්සිං ලෝක ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක දිනිදු සපරමාදු අද (22 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය මේ මස 25 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වන එකම වන්නේ ක්‍රීඩකයා දිනිදු සපරමාදුය.

මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පසුගිය වසර කිහිපයේදීම ජාතික මට්මටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් ඔහු, ඉකුත් මැයි මාසයේදී උස්බැකිස්තානයේ ටස්කන් නුවරදී පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී හොඳම ක්‍රීඩකයක් 5 දෙනා අතරට පත්වෙමින් ලෝක ශූරතා බොක්සිං තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

මේ වසර මුලදී ස්ලෝවැකියාවේ පැවැති ජාත්‍යන්තර බොක්සිං ටි්‍රබල් තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 64 බර පංතියේ රන් පදක්කමක් දිනාගත් ඔහු, මේ මස තායිවානයේදී පැවැති තායි සිටි කුසලාන බොක්සිං තරගාවලියේදීද එම බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

තායි සිටි කුසලාන බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 64 බර පංතියේ අවසන් මහ තරගයේ දෙවැනි වටයේදීම කොරියානු ජාතික ජෑන් බියෝන්ග් හී බිම දැමීමට සමත් වීම දිනිදුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සිදුවීමකි.

 


අදහස් (0)

දිනිඳු ලෝක ශූරතාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.