Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ එකම බලාපොරොත්තුව බවට පත්වී සිටි රිචඞ් ගැස්කට් ලකුණු 6-3ක්, 6-2ක් සහ 6-2ක් ලෙස පරාජය කරමින් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් 16 දෙනා අතරට සේන්දුවීමට පසුගිය වසරේ ශූරතාව දිනූ ලොව නොම්මර එකේ ක්‍රීඩක රෆායිල් නඩාල් සමත්විය.
පැරිස් නුවර රෝලන්ඞ් ගැරොස් පිටියේදී සිය 11 වැනි ප්‍රංශ ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ හඹා යන මේ ස්පාඤ්ඤ ක්‍රීඩකයාට අවසන් 16 දෙනා අතරට පිවිසීම සඳහා පැවැති කඩයිම පැනීමට අවශ්‍ය වූයේ පැයකුත් මිනිත්තු 58ක් පමණි.
නඩාල් මීට පෙර 31 හැවිරිදි රිචඞ් ගැස්කට් සමග 16 වතාවක්ම ඔට්ටුවී ඇති අතර ඒ සෑම වාරයකදීම ජය අත්පත් කරගත්තේය.
කුසලානය හඹා යන ගමන් මගේ නඩාල්ගේ මීළඟ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ ශ්‍රේණිගත කිරිම්වල නොසිටින මැක්සිමිලන් මාටරර් නමැති ජර්මානු ක්‍රීඩකයාය. මාටරර් 16 දෙනා අතරට පිවිස ඇත්තේ එස්ටෝනියාවේ ජර්ජන් සොප් ලකුණු 6-2ක්, 6-1ක් සහ 6-4ක් ලෙස පරාජයට පත් කරමිනි.
“මම ඉතා හොඳින් ක්‍රීඩා කළා.... රිචඞ් ගැන මම කනගාටුවෙනවා. ඔහු ඉතා හොඳ මිතුරෙක් වගේම හොඳ පුද්ගලයෙක්” යයි තරගයෙන් පසුව නඩාල් එසේ කීවේය.
මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 16ක්ම දිනා ඇති නඩාල්ගේ වාසනාවන්තම ටෙනිස් පිටිය ලෙස හඳුන්වනු ලබන්නේ රෝලන්ඞ් ගැරොස් පිටියයි. වසර 2015 අර්ධ අවසන් පුර්ව වටයේදී නොවැක් ජොකෝවික්ට පරාජය වීමෙන් පසුව මේ දක්වා රෝලන්ඞ් ගැරොස් පිටියේදී පැවැති තරග 12 ම ජයගැනීමට නඩාල් සමත් වී තිබේ.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.