Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩාල් 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

නඩාල් 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

editorial - 2022 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේ පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාංගණයේදී පැවැති 2022 ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය. මෙවර ඔහු එම ශූරතාවට හිමිකම් කීවේ 14 වැනි වරටය. අවසන් මහ තරගයේදී නෝර්වේ ජාතික කැස්පර් රූඩ් පරාජය කරමින් නඩාල් එම ශූරතාව තමන් සතුකර ගත්තේය.

වේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවන 36 වැනි නඩාල්, අවසන් මහ තරගයේ වට 3 පහසුවෙන්ම ජයගත්තේ 6-3 ක්, 6-3 ක් සහ 6-0 ක් ලෙසිනි. තරගාවලිය ආරම්භවන විට රූඩ් රැදී සිටියේ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේය.

මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 3-1 ක් ලෙස සිය ප්‍රබලම ප්‍රතිවාදියා වන සර්බියාවේ නොවැක් ජොකොවික් පරාජය කළ නඩාල්, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වරෙව් පරාජය කරමිනි. අවසන් පූර්ව තරගයේ දෙවැනි වටය අවසානයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ස්වරෙව් ඉන් ඉවත් විය.

මෙම තරගාවලියට පෙර සිටම ජොකොවික් මෙන්ම ස්වරෙව්ද ලෝක ශ්‍රේණිගත කිරීම්හි නඩාල්ට වඩා ඉදිරියෙන් සිටියහ. එහිදී ජොකොවික් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේද, ස්වරෙව් එහි තෙවැනි ස්ථානයේද පසුවූහ. රූඩ් අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී වට 3-1 ක් ලෙස ක්‍රොයේෂියාවේ මැරින් සිලික් පරාජය කරමිනි.

මෙම ශූරතාවත් සමග සිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ දමාගැනීමටද නඩාල් සමත් විය. ප්‍රංශ විවෘත ශූරතා 14 ට අමතරව ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, ඕස්ටේ්‍රලියානු විවෘත ශූරතා 2 ක් සහ විම්බල්ඩන් ශූරතා 2 ක්ද ඊට ඇතුළත් වේ.

ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ නොවැක් ජොකොවික් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 බැගින් දිනා නඩාල්ට වඩා පසුපසින් සිටිති.

-036


අදහස් (0)

නඩාල් 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.