Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නදීකා ලක්මාලිට විනය පරීක්‍ෂණයක්

නදීකා ලක්මාලිට විනය පරීක්‍ෂණයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විදේශගතව සිටිය දී පුහුණු වීම් අතපසු කිරීමේ චෝදනා ලබා සිටින හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදිකා ලක්මාලිට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය සැරසෙන බව වාර්තා වේ.

පින්ලන්තයේ දී දීර්ඝකාලීන නේවාසික පුහුණු වීම් සඳහා යොමු කළ නදීකා ලක්මාලිගෙන් ආසියානු කී‍්‍රඩා උළෙලේදී අපේක්‍ෂිත දක්‍ෂතා පළ නොවීම සම්බන්ධයෙන් මේ වන විට මලල කී‍්‍රඩා සංගමයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන බව ද වාර්තා වේ. මලල කී‍්‍රඩා සංගමයේ විධායක සභාව ඉකුත්දා රැස්වූ අවස්ථාවේ දීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡ කළ බව දැන ගන්නට ඇත.

ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඒ. ජේ. රුද්‍රිගු මහතා ඇගේ වත්මන් කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වූ ලිපියක් මලල කී‍්‍රඩා සංගමයට යොමු කර තිබෙන බවද මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මලල කී‍්‍රඩා සංගමයේ විධායක සභාවේ දී එම ලිපිය සම්බන්ධයෙන් ද සාකච්ඡ කෙරී තිබෙන අතර ඉංචියොන්හි දී පැවැති ආසිායනු කී‍්‍රඩා උළෙලට සහභාගි වී සිටිය දී ඇයගේ හැසිරීම පිළිබඳව එහි ගිය ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන්ද මලල කී‍්‍රඩා සංගමය කරුණු විමසා තිබේ.

පින්ලන්තයේ දී නේවාසික පුහුණු වීම් සඳහා සහභාගිවූ නදීකා ලක්මාලි සිය අපේක්‍ෂිත අරමුණුවලින් බැහැරව කටයුතු කරමින් එරට දී පුහුණු වීම් අතපසු කර ඇතැයි මේ වන විට චෝදනා එල්ල වී තිබේ. එය එසේ නම් ඇයට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා සුදුසු පියවර ගත යුතු බවට මලල කී‍්‍රඩා සංගමයට ඉදිරිපත්ව තිබෙන යෝජනා අතර වේ.

පින්ලන්තයේදී ඇගේ නේවාසික පුහුණු වීම් සඳහා රුපියල් මිලියන හතකට වැඩි මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් නිදහස් කර ඇතැයි වාර්තා වන අතර මහජන මුදල් අනිසි ආකාරයෙන් වැය කෙරී ඇතැයිද මලල කී‍්‍රඩා සංගමයට ඇතැමුන්ගෙන්  චෝදනා එල්ලවී තිබේ.

අනුරාධපුරයේදී පසුගියදා පැවති 40 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින් ඇය මීටර් 55.10 කට හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනා ගත්තාය. පින්ලන්තයේ දී උසස් නේවාසික පුහුණු වීම් සඳහා ඇය සහභාගිවී සිටියත් පසුගිය අන්තර්ජාතික තරග ගණනාවක දී ඇගේ දස්කම් පසුබෑමට ලක්ව තිබෙන බව කැපී පෙණුනි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ඇගෙන් මලල කී‍්‍රඩා සංගමය පදක්කමක් කෙරෙහි දැඩි ලෙස විශ්වාසය තබා තිබුණි. පූනේ ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ දී ඇය රිදි පදක්කමක් දිනා ගනිමින්  එහි දී දැඩි අවධානය දිනා ගත්තාය.

 


අදහස් (0)

නදීකා ලක්මාලිට විනය පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.