Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා 17 වියැති පිටදඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.
ශ්‍රී ලංකා සංචිතයේ වැඩිපුරම වමත් පිතිකරුවන් සිටින බැවින් ලාබාල පිටදඟ පන්දුයවන්නා කැඳවිමට තීරණය කළ බව බංග්ලාදේශ තේරිම් කමිටුවේ නිලධාරියෙකු පවසා ඇත.
තවත් දඟපන්දු යවන්නකුගේ අඩුවක් පවතින අතර කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා මෙහෙදි හසන් කැඳවිය යුතු බව තේරීම් කමිටු නිලධාරියකු වන හබිබුල් බෂාර් මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා ඇත.
“මේ අවස්ථාවේදී අපට තිබෙන හොදම විකල්ප නයිම් වන අතර අපි හිතනවා ඔහු විශේෂ පන්දුයවන්නෙක් වෙයි කියලා”
පළමු පෙළ තරග හතරකට ක්‍රීඩාකර ඇති නයීම් කඩුලු 9 ක් දවාගෙන ඇත.
ශ්‍රී ලංකාව, සිම්බාබ්නේ සහ බංග්ලාදේශය සමගින් මේ වනවිට පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ලකුණු අතර නොමැති සබීර් රෙහ්මාන් ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර ඇත.
තුන්කොන් තරගාවලිරිට කැඳවිමක් නොලද සෞම්‍ය සර්කාර්, තස්කින් අහමඞ්, සුබාශිස් රෝයි සහ ශෆිවුල් ඉස්ලාම් ටෙස්ට් තරගාවලියට කැඳවා නැත.
“මේ වනවිට පැවැත්වෙන තරගවලදි අපේ අපේක්‍ෂාවන් ඉෂ්ඨ කිරීමට සබීර් රෙහ්මාන්ට නොහැකි වෙලා තියෙනවා. සෞම්‍ය ගැන අපි හිතලා බැලුවා, නමුත් පළමු පෙල අවසන් ඉනිම හය තුළදි ඔහු රැස්කළ ලකුණු ප්‍රමාණවත් මදි” යැයි හබිබුල් බෂාර් මහතා පැවසීය.
ශකීබ් අල් හසන්ගේ ඉල්ලීමක් මත මැද පෙළ පිතිකරු මොසැඩෙක් හුසේන් සහ වේග පන්දු යවන ක්‍රීඩක කම්රුල් ඉස්ලාම් නැවත සංචිතයට කැඳවු බව පැවසීය.
මුෂ්ෆිකූර් රහීම් වෙනුවට නායකත්වය සදහා තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් නැවත පත්කර ඇත. ශකීබ් දෙවැනිවර නායකත්වයට පත්වීමෙන් අනතුරුව පළමු වරට මේ මස 31 වැනිදා චිතගොන්හිදි ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවිමට නියමිතව ඇත.
දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරී 8 වැනිදා ඩකාහිදි පැවැත්වීමට නියමිතව ඇත.
බංග්ලාදේශ සංචිතය
ශකීබ් අල් හසන් (නායක), මහමුදුල්ලා රියාද්, තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකූර් රහීම්, ඉම්රුල් කයීස්, මොමිනුල් හක්, මොසැඩෙක් හුසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසූර් රෙහ්මාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රුබෙල් හුසේන් සහ නයිම් හසන්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.