Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නයිට් රයිඩර්ස් දෙවැනි වරටත් ශූරතාව දිනති

නයිට් රයිඩර්ස් දෙවැනි වරටත් ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කැරිබියන්  ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනිමට ඞ්වේන් බ්‍රාවෝ නායකත්වය දරණ ට්‍රින්බාගෝ නයිටි රයිඩර්ස් කණ්ඩායම ඊයේ (09 වැනිදා) සමත්විය.

බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාව දිනා ගැනීමට ටි්‍රන්බාගෝ නයිටි රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ට්‍රින්බාගෝ නයිටි රයිඩර්ස් කණ්ඩායම ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය ජයගැනීමට සමත්විය. කොලින් මුන්රෝ පන්දු 23 කදී හයේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස් කළ අතර ප්‍රවේගකාරී පිතිකරුවන්වූ සුනිල් නරේන්, ඞ්වේන් බ්‍රාවෝ සහ ඩැරන් බ්‍රාවෝට ලකුණු අතරට පැමිණීමට පෙරම දවා ගනිමින් දැඩි පීඩනයක් ඇති කිරීමට ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්්‍රයට්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 90 කට කඩුලු 7 ක් දැවී දැඩි අසීරූතාවයක සිටි ට්‍රින්බාගෝ නයිටි රයිඩර්ස් කණ්ඩායමට නව ජීවයක් දෙමින් ජයග්‍රහණය දක්වා කණ්ඩායම රැගෙන යාමට කෙවොන් කූපර් සමත්විය. තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 14 කදී ලකුණු 29 ක් රැස්කළ කෙවොන් කූපර්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් විය.

අටවැනි කඩුල්ල සදහා පන්දු 28 කදී ලකුණු 46 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට කෙවොන් කූපර් (නොදැවී 29) සහ ඩිනේෂ් රාම්දීන් (නොදැවී 26) සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. ආරම්භක පිතිකරුවන්වූ නායක ක්‍රීස් ගේල් සහ එවින් ලෙවිස්ට ලකුණු අතරට පැමිණීමට පෙරම දවාගනිමින් ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට තර්ජනයක් ඇති කිරීමට සුනිල් නරේන් සහ ජේවොන් රැමොන් සමත්වූහ.

ප්‍රවේගකාරී පිතිකරුවකුවූ කාලෝස් බ්‍රැත්වේට් පන්දු 25 කදී ලකුණු 30 ක් රැස්කරමින් ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. බ්‍රැත්වේට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් විය.


ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 135
(ජොනතන් කාටර් 21, කාලෝස් බ්‍රැත්වේට් නොදැවී 30, කෙවොන් කූපර් 12/2, ජේවොන් රැමොන් 29/2)

ට්‍රින්බාගෝ නයිටි රයිඩර්ස් - ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී 136
(කොලින් මුන්රෝ 29, ඩිනේෂ් රාම්දීන් නොදැවී 26, කෙවොන් කූපර් නොදැවී 29, මොහොමඞ් හෆීස් 19/2, තබ්‍රේස් ශම්සී 20/2, ශෙල්ඩන් කොට්ට්‍රේල් 21/2)

 


අදහස් (0)

නයිට් රයිඩර්ස් දෙවැනි වරටත් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.