Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියක් වන ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා සහ දක්ෂතම රියැදුරු ලෙස ශූරතා දිනාගත් ෂෙහාන් සී. අධිකාරිට සහ අශාන් සිල්වාට මේ වසරේදී එම ශූරතා රැකගැනීමට අනිකුත් තරගකරුවන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ලවී තිබේ.
ඒ අනුව පසුගිය වසරේ දක්ෂතම රියැදුරු බවට පත්වූ අශාන් සිල්වාට මෙවර තරගාවලියේදී තම ශූරතාවය රැකගැනීම සඳහා පසිඳු පීරිස්, අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් දෙහෙරගොඩ, ජනක ඩයස් වැනි වැනි ප්‍රවීන තරගකරුවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා මේ වසරේදී පැවැත්වෙන දෙවැනි තරගාවලිය මෙය වන අතර මින් පෙර පැවති සීගිරිය රැුලි ක්‍රොස් තරගාවලියේදී කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා මත අශාන් සිල්වා (ප්‍රසාද ලකුණු 20) මෝටර් රථ අංශයේ පෙරමුණ ගෙන සිටී. පසිඳු පීරිස් මෝටර් රථ අංශයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින අතර පසුගිය වසරේ පැවති තරගාවලිවලදී ඉහළ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක දමිත් වීරසිංහද මෑතකදී පැවැති තරග වලදී හොඳ දස්කම් දක්වමින් ඉදිරියට එමින් සිටින බැවින් අශාන්ට එල්ල වන අභියෝගයද සුළුපටු නොවේ.
කෙසේ වෙතත් පෙබරවාරි මසයේ පැවති තිස්සමහාරාම සුපර් ක්‍රොස් තරගාවලියේ මෙන්ම මාර්තු මාසයේ පැවැති ‘සීගිරිය රැලි ක්‍රොස්’ තරගාවලියේදීද දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන හිමිකරගෙන තිබීම අශාන්ට මෙම තරගාවලියේදී තම ආත්ම විශ්වාසය ඉහළ නංවාගැනීම සඳහා මනා රුකුළක් වනු ඇත.
දක්ෂතම රියැදුරා ලෙස තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සඳහා මෙවර තරගකරුවන් 20 ක් සහභාගීවීමට නියමිතව ඇති හෙයින්, නරඹන්නන්ට එහි වඩාත් උණුසුම් තරගයක් බලා පොරොත්තු විය හැකි බව මෝටර් රථ කී‍්‍රඩා විචාරකයන්ගේ මතයයි.
ඉකුත් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරිට අභියෝග කිරීම සඳහා මෙවරත් ගයාන් සඳරුවන්, ඉෂාන් දසනායක, සමීර පේ‍්‍රමරත්න, දේෂාන් සොලංකි සහ රුමීෂ බුල්ජන්ස් වැනි ප්‍රබල තරගකරුවෝ සූදානමින් සිටිති. පසුගිය වසරේ අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේ ශූරයාවූ ජැක් ගුණවර්ධන මේ වසරේ ප්‍රධාන යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදීමද ෂෙහාන්ට යම් තරමක හිසරදයක් වනු නොඅනුමානය.
මොටෝ ක්‍රොස් තරග වලදී සාර්ථක දස්කම් දක්වන දේශීය තරග කරුවන් රැුසක්ම සිටින නමුත් මේ වසරේ සියැට් - ස්ලාඩා ශූරතාවලියේදී විදෙස් තරගකරුවකු වන කේ. පී. අරවින්ද් (ප්‍රසාද ලකුණු 18) යතුරුපැදි අංශයේ පෙරමුණේ සිටී. ෂෙහාන් සී. අධිකාරි සහ ගයාන් සඳරුවන් සම ලකුණු ලබා යතුරුපැදි අංශයේ දෙවැනි ස්ථානයේ රැදී සිටිති.
කෙසේ වුවත් තිස්සමහාරාම සුපර්ක්‍රොස් තරගාවලියේදී මෙන්ම සීගිරිය රැුලි ක්‍රොස් තරගාවලියේදී සහ විජයබා සුපර්ක්‍රොස් තරගාවලියේදීද තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ෂෙහාන් සී. අධිකාරි අපොහොසත් විය. ඒ අනුව මෙම තරගාවලියේදී ඔහුට තම ශූරතාව රැුකගැනීමට නම් ඉහත තරගාවලිවලදී තමන් අතින් සිදුවූ වැරදි දියතලාවේදී නිවැරදි කරගත යුතුවේ.
දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 සඳහා මෙවර යුද හමුදාව, හොණ්ඩා, එක්සයිඞ්, සියැට් සහ ටී. වී. එස්. යන කණ්ඩායම් නියෝජනය කරමින් තරගකරුවන් 14 දෙනක් පමණ සහභාගීවීම එහි තරගකාරීත්වය තවත් වැඩි වීමට හේතුවනු ඇත.
තරගාවලියේ ප්‍රධානම ඉසව් වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 24 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 12 ක් අන්තර්ගතවේ. මෝටර් රථ ධාවකයන් 108 ක් සහ යතුරුපැදිකරුවන් 140 සමගින් තරගාවලියට සහභාගීවීම සඳහා ලියාපදිංචි වී සිටින මුළු තරගකරුවන් සංඛ්‍යාව 248 කි.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 22 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්රාහකයන් ලෙස සිපැට්කෝ සමාගම සහ සියැට් ආයතනය කටයුතු කරන අතර කොකා කෝලා සමාගම එහි නිල සිසිල්බීම සැපයුම්කරු ලෙස කටයුතු කරයි.
තරගාවලිය මේ මස 19 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.