Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය විසින් දැනට තහවුරු කරන ලද තොරතුරු අනුව මේ වසරේ (2018) මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනය තරගාවලි 18 කින් සමන්විත වේ. ඊට සුපර්ක්‍රොස් තරගාවලි 7 ක්, මාර්ග මෝටර් රථ තරගාවලි 4 ක්, කඳු තරණ 3 ක්, මෝටර් රථ රැළි 3 ක් සහ රැළික්‍රොස් තරගාවලියක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ සංගමය (ස්ලඩා) ඉන් තරගාවලි 4 ක සංවිධාන කටයුතු මෙහෙයවන අතර ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සහ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය තරගාවලි 3 බැගින් මෙහෙයවනු ලබයි. ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය, සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ මෝටර් රථ ක්‍රීඩා සංගමය තරගාවලි 2 බැගින් මෙහෙයවන අතර සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය එක් තරගාවලියක සංවිධාන කටයුතු කරයි.
කෙසේ වුවත් දිවයිනේ ප්‍රධානතම මෙන්ම පැරණිතම සුපර්ක්‍රොස් තරගාවලියක් වන නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය මෙහෙයවීම සඳහා ක්‍රීඩා සමාජයක් නම් නොකිරීමට මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨය සංවිධානය කරන නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලිය මේ වසරේ අප්‍රේල් මස 20 සහ 21 යන දිනවලදී දියතලාව, යුද හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
වසර කිහිපයක සිටම නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ සංගමයත් අතර ගැටුමක් තිබිණ. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේදී නරියාකන්ද තරගාවලිය මෙහෙයවීම සඳහා මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය යටතේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සමාජයකම නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුවිය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වූ එම කමිටුව සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත විය. නියෝජ්‍ය ක්‍රීඩා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්ථමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිනියෝ දෙදෙනෙක්, මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරියේ වත්මන් ලේකම් රිස්වි ෆාරුක් මහතා සහ එහි අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ සංගම්වල නියෝජිතයෝ 9 දෙනෙක් ඊට ඇතුළත් වූහ.
කාලිංග සමරවීර (සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය), අනිල් ජයකොඩි (ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය), පුබුදු ජයවික්‍රම (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය), නමාස් ෆවුසි (මෝටර් රේසිං ක්‍රීඩා සංගමය), සුරංජිත් ප්‍රේමදාස (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය), මහේෂ් ගම්මන්පිල (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය), ටී.ජී.එන්. ගාමිණී (මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය), ජාලිය ජයසේකර (ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය) සහ රයන් ග්‍රේ (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය) යන මහත්වරු අනුබද්ධ ක්‍රීඩා සමාජ සහ සංගම් නියෝජනය කරමින් ෆොක්ස් හිල් මෙහෙයුම් කමිටුවට ඇතුළත්ව සිටි සාමාජිකයෝ වූහ.
එවැනි කමිටුවක් පත්කර තිබියදී තරග පැවැත්වීමේ වැඩි වගකීමක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ සංගමයේ නිලධාරීන්ට පවරා තිබීමත්, සංවිධාන කමිටුවේ සාමාජිකයකු ලෙස හෝ නම්කර නොසිටි එම සංගමයේ සභාපති දිල්හාන් ජයවර්ධන මහතා තරගාවලියේ අධීක්ෂකවරයා ලෙස පත්කර තිබීමත් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරියට චෝදනා එල්ල විය.
එසේ වුවද මේ වසරේදීත් නරියාකන්ද තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා සියලු ක්‍රීඩා සමාජ සහ සංගම්වල නියෝජිතයන්ගෙන් ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් අතර ඇතිවිය හැකි ගැටුම් වැලැක්වීම සඳහා මෙවරද එවැනි කමිටුවක් පත්කරන ලෙස ආරක්ෂක විද්‍යාපීඨයට සහ මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරියට යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවද දැනගන්නට ලැබේ.
නරියාකන්ද තරගාවලියේ ආරම්භක සංවිධායකයන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරුපැදි කරුවන්ගේ සංගමය 1993 සිට 2012 දක්වා වසර 20 ක් යුද හමුදා විද්‍යාපීඨය සමග එක්ව එම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීය. යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨය, නරියාකන්ද තරගාවලිය පැවැත්වෙන ධාවන පථය නිර්මාණය කර ඇත්තේද ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ මගපෙන්වීම යටතේය.
කෙසේ වුවත් එම ක්‍රීඩා සංගමයෙන් ඉවත්ව ගිය පිරිසක් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය ලෙස නව ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගනිමින් නරියාකන්ද තරගාවලියේ සංවිධාන අයිතිය තම ක්‍රීඩා සංගමය වෙත පවරා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 2013 සිට 2016 දක්වා වසර 4 ක් තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීමේ අයිතිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සතුව පැවැතිණ.
පෙබරවාරි මස 27 සහ 28 යන දින වලදී පැවැත්වීමට නියමිත පැල්වත්ත ස්පීඞ් රැළියෙන් මේ (2017) වසරේ මෝටර් රථ තරගාවලි මාලාව ආරම්භ වන අතර නොවැම්බර් මස 17 සහ 18 යන දින වලදී පැවැත්වීමට නියමිත කටුකුරුන්ද කළාප මෝටර් රථ තරගාවලියෙන් නිමාවට පත්වීමට නියමිතය. ඉදිරියේදී මෙම ක්‍රීඩා දින දර්ශනයට තවත් තරගාවලි කිහිපයක් එක්වීමට ඉඩ කඩ තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුයැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය මෙහෙයවන කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලිය මේ වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත්ව තිබුණද, එම තරගාවලිය පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබිණ. ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී එම ක්‍රීඩා සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පවසා සිටියේ අගෝස්තු මස 4 සහ 5 යන දිනවලදී උක්ත තරගාවලිය පැවැත්වීමට තම සංගමය සූදානමින් සිටින නමුත් තවමත් මෝටර් රථ ක්‍රීඩා පාළනාධිකාරිය ඒ සඳහා අවසර ලබා දී නොමැති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.