Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අද (29) බංග්ලාදේශයේ චිතගෝන්හිදී පැවැති 1 වැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය.
ලකුණු 152 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
ටිම් වැන්ඩර් ගුටන් ලකුණු 30 කට නවසීලන්ත පිලේ කඩුලූ 3 ක් දවාගත්තද, තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නෙදර්ලන්ත පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 151 ක් ලබාගැනීමට ඔවුහු සමත්වූහ.
එහිදී ටොම් කූපර් (නොදැවී 40) සමග එක්වූ නායක පීටර් බෝරාන් (49) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 35 කදී වාර්තාවූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්විය.
නෙදර්ලන්ත පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට 151
(ස්ටීවන් මයිබෘ 16, මයිකල් ස්වාර්ට් නොදැවී 26, පීටර් බෝරාන් 49, ටොම් කූපර් නොදැවී 40)
නවසීලන්ත පිල - ඕවර 19 කදී කඩුලූ 4 කට 152
(කේන් විලියම්සන් 19, බ්‍රෙන්ඩන් මැකලම් 65, රොස් ටේලර් 18, කොරි ඇන්ඩසන් නොදැවී 20, ටිම් වැන්ඩර් ගුටන් 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.