Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ලකුණු 193 ක ජයක්

නවසීලන්තයට ලකුණු 193 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් දින කිහිපයේදී පිතිහරඹයට ඉතා වාසිදායක ලෙස හැඩගැසී තිබූ වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් තණතීරුවේදී විශිෂ්ට දස්කම් දැක්වූ නවසීලන්ත පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ලකුණු 196 කට සීමා කරමින් දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 193 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. ලකුණු 390 ක ඉලක්කයක් කරා යාම හෝ අවසන් දිනයේ කඩුලූ 9 ක් රැකගැනීම අරමුණ කරගත් ශී‍්‍ර ලංකා පිලට දෙකින් එකක් වත් සාක්ෂාත් කරගත නොහැකි විය.

මෙම තරගය ජයගත් නවසීලන්ත කණ්ඩායම වසර ආරම්භයේදීම ටෙස්ට් තරගාවලියද 2-0 ක් ලෙසින් ජයගත්තේය.

අද දිවා ආහාරයට පෙර ශී‍්‍ර ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් 5 දෙනකුම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නවසීලන්තය සමත්විය. දිවා ආහාරයට තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම දිස්වූයේ කඩුලූ 5 කට ලකුණු 110ක් ලෙසිනි.

ඒ විට ළහිරු තිරිමාන්න ලකුණු 11 ක් ලබා නොදැවී සිටියද පසුපෙළ ශක්තිමත් බවක් දක්නට නොතිබිණ. දිනේෂ් චන්දිමාල්ට කලින් ප‍්‍රසන්න ජයවර්ධන පිටියට පිවිසීමත් තරමක් දුරට තේරුම් ගැනීමට අපහසු කාරණයකි.

කෙසේ වෙතත් අද දිනයේ නවසීලන්ත පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වී සිටි ආකාරයට, ඉතිරි පැය 4 කදී යැවිය යුතුව තිබූ  ඕවර 60 කට ආසන්න කාලයක් තුළ අවසන් කඩුලූ 5 ර‍ෙකගැනීම අසීරු අභියෝගයක්ම විය.

සිවුවැනි දිනය පුරාම බේසිං රිසර්ව් තණතීරුවේ බිඳ වැටුණේ එක් කඩුල්ලක් බැවින් පිතිකරුවන්ට යෝග්‍ය එවැන් තණතීරුවක ශී‍්‍ර  ලංකා පිතිකරු පෙළ අසරණ කර දැමීම එතරම් පහසු නැති බව නවසීලන්ත කී‍්‍රඩකයෝ දැන සිටියහ. එහෙත් අද පෙරවරුවේදීම කුමාර් සංගක්කාර (5) සහ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ (8) කඩුලූ දෙකම බිම දමාගත් නවසීලන්ත පන්දු යවන්නෝ දිවා ආහාරය වන විට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත්වූයේ විශිෂ්ට උඩපන්දු කිහිපයක්ද සමගිනි.

ශී‍්‍ර ලංකා පිලට අද උදෑසන සිදුවූ බරපතලම හානිය වූයේ කුමාර් සංගක්කාරගේ දැවීයාමය.

ටිම් සවුතිගේ පන්දුවකට ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා පන්දුව හතරේ සීමාවට යවමින් ආරම්භයේ සිටම ස්ථාවර බවක් පෙන්නුම් කළ සංගක්කාර ඉක්මන් තනි ලකුණු සඳහා කෞෂාල් සිල්වා කළ කැඳවීම් ද ප‍්‍රතික්ෂේප කරමින් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකට ඔහු යාන්තමින් පිත්ත ඉදිරියට දමා ගැසීමට උත්සාහ කළ පහර නවසීලන්තයේ වාසියට හිටියේය.

එය උඩපන්දුවක් ලෙසින් කඩුලූ රකින බී.ජේ.වොට්ලින් අතට යාමට පෙර සංගක්කාරගේ පිත්තේ පිට දාරයේ යාන්තමින් ගැටුණු බවට බෝල්ට් තරග විනිසුරු රිචඞ් ඉලංගවර්ත් ගෙන් ඉල්ලීමක් කළේය. ඊට කඩුල්ල පිටුපසින් නම් එතරම් සහයක් ලැබූ බවක් පෙනෙන්නට තිබුණේද නැත.

විනිසුරු එම දැවීයාම ප‍්‍රතික්ෂේප කළ පසු නවසීලන්ත නායකයා තුන්වැනි තරග විනිසුරු බෘස් ඔක්සන්ෆර්ඞ්ගේ සහය ඉල්ලා සිටියේය.

අනපේක්ෂිත ලෙස තුන්වැනි විනිසුරු එය දැවීයාමක් බවට නිගමනය කිරීම කාගෙත් අවධානයට ලක්වූ අතර සංගක්කාරගේ ද විමතියට හේතුවක් විය. මිනිත්තු 29 ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 18 කට මුහුණදුන් සංගක්කාර පිටියෙන් ඉවත්වූයේ නොසතුට පළ කරමිනි.

කිනම් ආකාරයකින් තරගය නිමාවට පත්වූවත් සංගක්කාරගේ මතභේදාත්මක දැවීයාම තරගයේ ප‍්‍රතිඵලයට වඩා ඉහළින් කැපී පෙනෙන බව සහතිකය.

තරමක ස්ථාවර බවක් පෙන්නුම් කළ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා අර්ධ ශතකයක් රැුස් කළ අතර ඔහු දැවී ගියේ ඩග් බ්‍රේස්වේල්ගේ පන්දුවකට දෙවැනි ස්ලිප් හී සිටි මාක් ක්‍රෙග් ඉතා දක්ෂ අයුරින් රැෙකගත් උඩපන්දුවකිනි.

ඊට පෙර, ශී‍්‍ර ලංකා පිලේ මුරකරු පිතිකරු ලෙස පිටියට ඊයේ පැමිණි ධම්මික ප‍්‍රසාද් දවාලමින් ජේම්ස් නීෂම් දෙවැනි ස්ලිප් හී සිට ඉහළින් ඇදී ගිය උඩපන්දුව විස්මිත අයුරින් රැකගත් අතර නායක මැතිව්ස් දුන් උඩපන්දුව ගලී කලාපයේ සිටි කේන් විලියම්සන් රැක ගත්තේ ද එවැනිම දස්කමක් පෙන්නුම් කරමිනි. එය ගලී කලාපයේදී කී‍්‍රඩකයකු රැුකගත් විශිෂ්ටතම උඩපන්දුවක් ලෙස විචාරකයෝ හැඳින්වූහ.

ඒ අතින් නවසීලන්ත පිල ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට පන්දු රැකීමේ පාඩම අපූරුවට කියා දී තිබේ.

ලකුණු පුවරුව


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 193 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.