Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි තරගයෙන් නවසීන්තය ලකුණු 120 ක පහසු ජයක් ලැබීමට සමත් විය. ඩනෙඩින් නුවරදී අද (25 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයග‍්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදීම 4-1 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමටද නවසීලන්තය සමත් විය.
ජයග‍්‍රහණය ස`දහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ඕවර 40.3 කදී ලකුණු 195 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
කුමාර් සංගක්කාර වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 66 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 81 ක් රැුස් කළේය. මෙය සංගක්කාරගේ 93 න් වැනි එක්දින අර්ධ ශතකයයි.
සංගක්කාර මේ වන විට එක්දින තරග 396 කදී ලකුණු 13,580 ක් රැුස්කරමින් ලෝක එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වැනි ස්ථානයේ පසු වෙයි. ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටිං ලකුණු 13,704 ක් රැුස්කර දෙවැනි ස්ථානයේ පසු වන අතර සංගක්කාරට දෙවැනි ස්ථානයට පැමිණීමට ලකුණු 125 ක් අවශ්‍යව තිබේ. ලොව එක්දින පිටියේ වැඩිම ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව හිමිවන්නේ තරග 463 කදී ලකුණු 18,426 ක් ලබා සිටින සචින් තෙන්ඩුල්කාර්ය.
ලකුණු 316 ක අසීරු ඉලක්කයක් කරා යමින් සිටි නමුත් මහේල ජයවර්ධන ලකුණු 9 කට දැවී යාමෙන් පසුව දිමුත් කරුණාරත්න සමග එක්වූ සංගක්කාර 29 වැනි ඕවරය වන විට මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 කට 146 දක්වා ඇදගෙන ගියේය. ඉතිරිව තිබූ ඕවර 20 න් ලකුණු 170 ක් අවශ්‍යව තිබියදී කරුණාරත්න ලකුණු 26 කට දැවී යාමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ අවසන් කඩුලූ 6 ම ලකුණු 49 කදී ඇද වැටිණ.
දිනේෂ් චන්දිමාල් ලකුණු 9 ක් ලබා සිටියදී බ්‍රෙන්ඩන් මැකලම්ගේ දක්‍ෂ පන්දු රැුකීම හමුවේ දුවද්දී දැවී ගිය අතර ආරම්භක පිතිකරු ලෙස ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින දිමුත් කරුණාරත්න මෙම තරගයේදී පන්දුවට පහර දුන්නේ අංක 5 පිතිකරු ලෙසිනි.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පන්දු 43 කදී ලකුණු 29 ක් පමණක් රැුස් කළ අතර පළමු අධිවේගී ඕවර 10 තුළදී රැුස්කළ හැකි වූයේ ලකුණු 42 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල වෙනුවෙන් රෝස් ටේලර් මෙම තරගාවලියේදී පළමු වරට සාර්ථක වෙමින් පන්දු 102 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 96 ක් ලබා සිය 12 වැනි එක්දින ශතක පෙනි පෙනී තිබියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
රොස් ටේලර් සහ කෝරි ඇන්ඩසන් සිවුවැනි කඩුල්ලට පන්දු 54 කට ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්තය ලකුණු වේගය ඕවරයකට ලකුණු 6 කට ආසන්න කිරීමට සමත් වූහ.
ඇන්ඩසන් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව, උස ක‍්‍රීඩකයකු වන තිසර පෙරේරා ලෝන් ඕන්හි හතරේ සීමාව අසළදී රැුක නොගත්තා නම් නවසීලන්ත ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණි.
අංක තුන පිතිකරු කේන් විලියම්සන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට හිස එසවීමට අවස්ථාව නොදී පන්දු 95 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 97 ක් ලබාගත් නමුත් තරගයේ වීරයා සම්මාන ලැබූ 24 හැවිරිදි විලියම්සන්ට සිය හයවැනි එක්දින ශතකය අහිමිවිය.
මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලියේ සහ පළමු එක්දින තරග දෙකේදී ශ‍්‍රී ලංකාවට ප‍්‍රධාන අභියෝගය බවට පත්වූ නායක බ්‍රෙන්ඩන් මැලකම් ධම්මික ප‍්‍රසාද යැවූ ඉනිමේ දෙවැනි ඕවයේ දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියේය.
ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සියලූම දෙනා අවසන් ඕවර 10 තුළදී දැඩි ප‍්‍රහාරයකට ලක්වූහ. නවසීලන්ත පිල අවසන් ඕවර 10 යේදී 83 ක් රැුස් කිරීමෙන් එය මනාව පැහැදිළි වේ. සුරංග ලක්මාල් පන්දු යවමින් සිටියදී මස්පිඩු පෙරළීමේ අබාධයකට ලක්විම ශ්‍රී ලංකාවට පාඩුවක් බවට පත්විය.
ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට ද සහභාගි නොවූ අතර ළහිරු තිරිමාන්න නායකයා ලෙස කටයුතු කළේය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.