Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය කඩුලූ 4 කින් ජය ලබයි

නවසීලන්තය කඩුලූ 4 කින් ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ‍්‍රී ලංකා පිල සහ නවසීලන්ත පිල අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (20) පැවැති සිවුවැනි තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ.

නවසීලන්තය මෙම ජයග‍්‍රහණයත් සමඟ 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 277 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 48.1 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කළහ.

ඉනිමේ 47 වැනි  ඕවර අවසන් වන විට ජයග‍්‍රහණය සදහා පන්දු 18 කදී ලකුණු 25 ක් රැස්කිරීමේ අභියෝගය නවසීලන්තයට බාර විය. තිසර පෙරේරා යැවූ ඉනිමේ 48 වැනි  ඕවරයට ලූක් රොන්චි ලකුණු 24 ක් (4,6,2,0,6,6) රැස්කිරීමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුණු විය.

ලූක් රොන්චි පන්දු 15 කදී හතරේ පහරක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.  

කේන් විලියම්සන් පන්දු 107 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 103 ක් රැුස්කරමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය. මෙය 24 හැවිරිදි විලියම්සන්ගේ 6 වැනි එක්දින ශතකයයි.   

කේන් විලියම්සන් සහ ග‍්‍රාන්ට් එලියට් සිවුවැනි කඩුල්ලට ලකුණු 88 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ආසන්න වීමට අනගි අඩිතාලමක් දැමූහ.

ග‍්‍රාන්ට් එලියට් පන්දු 58 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් ලබා ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවකට දැවී ගියේය.

නවසීලන්ත තෙවැනි කඩුල්ල ලෙස ප‍්‍රබල පිතිකරු රෝස් ටේලර් ලකුණු 8 කට දැවී ගියේය.

මාටින් ගප්ටිල් (20) දෙවැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.   

මෙම තරගාවලිය පුරාම ශ‍්‍රී ලංකාවට විශාලතම අභියෝගය බවට පත්වූ නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 11 ක් ලබා නුවන් කුලසේකරගේ පන්දුවකට කඩුල්ල විවර කළ ගැසූ පහර වයිඞ් මිඩෝන් ස්ථානයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් දැවී යෑම මහත් අස්වැසිල්ලක් බවට පත්විය.

මහේල ජයවර්ධන වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 82 කදීහතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 94 ක් ලබා කොරි ඇන්ඩසන්ගේ පන්දුවකට කඩුලූ රකින ක‍්‍රීඩක ලූක් රොන්චි උඩ පන්දුවක් රැකගැනීමෙන් දැවී ගියේය. මෙය මහේලගේ 77 වැනි එක්දින අර්ධ ශතකයයි.

කුමාර් සංගක්කාර පන්දු 83 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 76 ක් රැුස්කරමින් සිය 92 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය.

මහේල සහ සංගක්කාර තෙවැනි කඩුල්ලට පන්දු 78 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැුගෙන ආහ.   
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 57 කදී ලකුණු 44 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් දෙවැනි කඩුල්ලට පන්දු 95 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිලේ බලාපොරොත්තු පසකට තල්ලූ කිරීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා පිල 45 වැනි  ඕවරයේ තෙවැනි පන්දුව වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 245 ක් ලබා ලකුණු 300 කට ආසන්න වියහැකි තත්ත්වයක සිටිය ද අවසන් කඩුලූ හය ලකුණු 31 කට බි`ද වැටුණි.

ශ‍්‍රී ලංකාව සාර්ථක ලකුණු වේගයක පවත්වමින් සිටියදී ළහිරු තිරිමාන්න අංක හය ස්ථානයේ පන්දු 31 කදී ලකුණු 19 ක් රැස්කිරීමෙන් පසු පෙළ පිතිරුවන්ට පීඩනය යොමු විය. සෙසු පිතිකරුවන් විශාල පහර කරා යෑමෙන් පන්දු තුනක් ඉතිරිව තිබියදී ඉනිම අවසන් විය.

ලෝක කුසලාන තරගාවලියට ද හිටි හැටියේ කැදවූ දිමුත් කරුණාරත්න නැවතත් අසාර්ථක වෙමින් පළමු කඩුල්ල ලෙස ලකුණු 5 කට දැවී ගියේය.

ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

තෙවැනි තරගයට ක‍්‍රීඩා කළ වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද්ගේ ස්ථානයට මෙම තරගයේදී පා දග පන්දු යවන රංගන හේරත් කැදවා තිබේ.

ලකුණු පුවරුව

048


අදහස් (2)

නවසීලන්තය කඩුලූ 4 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.