Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය තරගාවලිය සමකරයි

නවසීලන්තය තරගාවලිය සමකරයි

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 199 ක ජයක් ලැබූ නවසීලන්තය  දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කිරීමට කිරීමට සමත් විය. මෙම ජය නවසීලන්තය ටෙස්ට් තරගයකදී ලද දෙවැනි විශාලතම ජයග‍්‍රහණය ලෙසද සටහන් වේ.

දශක අටකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් ක‍්‍රිකට් තරග ඉතිහාසයේ විසඳුමකින් තොරව නිමාවූ 8 වැනි ටෙස්ට් තරගාවලිය ලෙස මෙය සටහන් වේ. නවසීලන්තය විසින් එංගලන්තයයට එරෙහිව ලද නව වැනි ටෙස්ට් ක‍්‍රිකට් ජයග‍්‍රහණයද මෙයයි.

වසර දෙකක සිට කිසිදු ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක් පරාජයට පත්ව නොසිටි නවසීලන්තය මෙම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් සමග ඔවුන්ගේ අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට රැුගෙන යෑම ට හැකියාව ලැබිණි. නවසීලන්තය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව ඇත්තේ 2013 වසරේදී එංගලන්තයට එරෙහිවය.

දෙපිලම පළමු ඉනිමේදී ලකුණු 350 බැගින් ලබා ගැනීම හේතුවෙන් දෙවැනි ඉනිම දෙපිලටම තරගයේ තීරණය සඳහා තීරණාත්මක සාධකයක් විය. 1-0 ක් ලෙස තරගාවලිය පසු පසින් සිටි නවසීලන්තය ජයග‍්‍රහණය උදෙසා දෙවැනි ඉනිමේදී වේගවත් ලකුණු රැුස්කිරීමක නිරත විය. එහිදී  ඕවරයකදී දළ ලකුණු වේගය 4.98 ක් රදවා ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වු බී.ජේ. වොට්ලිං පන්දු 163 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමග ලකුණු 120 ක් ලබා ගත්තේය. එය වොට්ලින්ගේ පස්වැනි ටෙස්ට් ශතකය ලෙස සටහන් වේ.

නවසීලන්ත ඉනිම ආරම්භයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 72 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමග ලකුණු 70 ක් ලබා ගත්තේය. නවසීලන්ත මැද පෙළ පිතිකරුවන් වන මාර්ක්  ක්‍රෙග් පන්දු 77 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 58 ක් ලැබූ අතර ටිම්  සවුති පන්දු 24 කදී ලකුණු 40 ක් ලබා ගනිමින් නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළේය.

අවසන් දිනයේදී ජයග‍්‍රහණය කෙසේ වෙතත් කඩුලූ රැුක ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ උත්සහයක යෙදුණු එංගලන්ත ඉනිම පන්දුවාර 91.5 කදී ලකුණු 255 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පන්දු 171 කදී ලකුණු 56 ක් සහ ජෝස් බට්ලර් පන්දු 147 කදී ලකුණු 73 ක් ලබා ගත්තද සෙසු එංගලන්ත පිතිකරුවන් නව දෙනාටම ලබා ගත හැකිවූයේ ලකුණු 110 ක් පමණි.

මෙම තරගයේ වීරයා ලෙස නවසීලන්ත ක‍්‍රීඩක බී.ජේ වොට්ලිං සම්මාන ලැබූ අතර සමස්ත තරගාවලියේ වීරයා සම්මානය එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් සහ නවසීලන්ත වේග පන්දු යවන ටේ‍්‍රන්ට් බෝල්ට් අතර සමසේ බෙදී ගියේය.
දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 9 වැනිදා පැවැත්වේ.

නවසීලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 350 යි.
එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 350 යි.
නවසීලන්තය දෙවැනි ඉනිම - කඩුලූ 8 ට ලකුණු 454 යි.

(මාටින් ගප්ටිල් 70, රෝස් ටේලර් 48, බ්‍රෙන්ඩන් මැකලම් 55, බී.ජේ.වොට්ලිං  120, මාර්ක් ක්‍රෙග් නොදැවී 58, ටිම් සවුති 40, ජේම්ස් ඇන්ඩසන්  96/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 94/2,  මාර්ක් වුඞ් 97/3 යි.)

එංගලන්තය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 255 යි.

(ඇඩම් ලෙත් 24, මාටින් ගප්ටිල් 56, ජෝස් බට්ලර් 73, ටේ‍්‍රන්ට් බෝල්ට් 61/2, මාර්ක් ක්‍රෙග් 73/3, කේන් විලියම්සන් 15/3 යි.)

033

 

 


අදහස් (0)

නවසීලන්තය තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.