Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 385 ක ඉලක්කයක් හඹායමින් සිටි නවසීලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 40 ක් ලබා සිටියේය.
ඒ අනුව නවසීලන්තය කඩුලු 9 ක් ඇතැතිව දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 227 ක් පසුපසින් සිටියි. ඩේන් පීඩ්ට්ගේ පන්දුවක් හමුවේ ඩොවෝන් කොන්වේ (17) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී යෑමත් සමග තෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත් අතර ඒ වන විට අනෙක් අන්තයේ රැදී සිටි ටොම් ලේතම් හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) නවසීලන්ත පළමු ඉනිම ලකුණු 211 කට සීමා වූ බැවින් අද දිනයේදී ලකුණු 31 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ විලියම් ඕරොර්ක් ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.
එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනිමට ඩේවිඩ් බෙඩිංහැම් සමත් වූ අතර සිවුවැනි කඩුල්ල සඳහා සුබේර් හම්සා (17) සමග එක්ව ලකුණු 65 ක්ද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් කීගන් පීටර්සන් (98) සමග එක්ව ලකුණු 98 ක්ද එක් කිරීමටද බෙඩිංහැම් සමත් විය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 242
(නීල් බ්‍රෑන්ඩ් 25, රේනාඩ් වැන ටොන්ඩර් 32, සුබේර් හම්සා 20, ඩේවිඩ් බෙඩිංහැම් 39, රෝන් ඩි’ ස්වාර්ඩ්ට් 64, ෂෝන් වොන් බෙර්ග් 38, විලියම් ඕරොර්ක් 59/4, රචින් රවින්ද්‍ර 33/3)
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 211
(ටොම් ලේතම් 40, කේන් විලියම්සන් 43, රචින් රවින්ද්‍ර 29, විල් යංග් 36, නීල් වැග්නර් 33, ඩේන් පීඩ්ට් 89/5, ඩේන් පීටර්සන් 39/3)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 235
(නීල් බ්‍රෑන්ඩ් 34, සුබේර් හම්සා 17, ඩේවිඩ් බෙඩිංහැම් 110, කීගන් පීටර්සන් 43, විලියම් ඕරොර්ක් 34/5, ග්ලේන් පිලිප්ස් 50/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 40
(ටොම් ලේතම් නොදැවී 21, ඩෙවෝන් කොන්වේ 17)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.