Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව වාර්තා අටෙන් දෙකක්ම යමානිගෙන්

නව වාර්තා අටෙන් දෙකක්ම යමානිගෙන්

Dilrukshi - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ ඊයේ (18) දිනයේ වඩාත් කැපී පෙණුනු කී‍්‍රඩිකාව බවට පත්වූ අඹගමුව මැදි විදුහලේ යමානි දුලාංජලි බිහිවූ නව තරග වාර්තා අටෙන් දෙකකටම හිමිකම් කීවාය. මෙම තරගාවලිය අද (19) නිමාවට පත්වන අතර එය දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

කොළොම්බියාවේ පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට  ලංකාවෙන් තේරී සිටින එකම කී‍්‍රඩිකාව වන යාමානි මෑතදී වඩාත්ම අවධානය දිනා ගත්තේ කටාරයේ පැවැති ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශුරතාවලියේදී මීටර 400 කඩුලූ පැන දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි.

යාමානි මීටර 400 කඩුලූ වයස 18 න් පහළ බාලිකා ඉසව්ව හැරුණු කොට එම වයස් කාණ්ඩයේ මීටර 200 බාලිකා ඉසව්වෙන් ද නව වාර්තා පිහිටවූවාය. ඊයේ දිනය නිමාවන විට තරගාවලියේ බිහිව තිබූ නව තරග වාර්තා ගණන 10 කි. පැරැුණි වාර්තාව අබිබවා ගිය එක් අවසථාවක් ද ඒ අතර එය වාර්තා වූයේ මීටර 5000 ඇවිදීම වයස 20 න් පහළ බාලක ඉසව්වෙනි.

බාලිකා තරගවලදී වලල ඒ රත්නායක මැදි විදුහලද බාලක තරගවලදී මීගමුව මාරිස්ටෙලා විදුහලද සමස්ත ශූරතාව දිනා ගැනීමට ආසන්නව සිටිති.

තරගාවලියේ සමාප්ත උත්සවය අද පස්වරු 4.00 ට පැවැත්වේ.  ඊට පෙර ඉසව් 39 ක අවසන් තරග පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

නව වාර්තා අටෙන් දෙකක්ම යමානිගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.