Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාමල්ගේ සී. එච්. පිලට හැව්ලොක්ස්ලා තලති

නාමල්ගේ සී. එච්. පිලට හැව්ලොක්ස්ලා තලති

ශනුක අරවින්ද - 2016 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

උත්සාහක දිනුම් අටකින්ම සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම තලා පෙළා දැමූ හැව්ලොක්ස් කී‍්‍රඩකයෝ ඩයලොග් කුසලාන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පිට පිටම ලබාගත් සිය සිවුවැනි ජයග‍්‍රහණයත් වාර්තා කිරීමට ඊයේ රාතී‍්‍රයේ ලකුණු 48-5 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. හැව්ලොක්ස් කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේ ජයග‍්‍රහණයත් සමග සිය අපරාජිතභාවය තවදුරටත් රැුකගැනීමටද හැව්ලොක්ස් පිලට හැකිවිය.

ලකුණු 31-5 කින් තරගයේ පළමුභාගයේ පෙරමුණ ගත් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4 ක් සහ උත්සාහක දිනුම් 4 ක් එක්වූ අතර සී.එච්. පිලට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි.

සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල මෙවර තරගාවලියට පිවිස සිටින්නේ පුහුණුකරු නාමල් රාජපක්‍ෂගේ ගුරුහරුකම් ඇතිවය.

තරගයේ දෙවැනි මිනිත්තුවේදීම කෙවින් ඩික්සන් තැබූ අනගි උත්සාහක දිනුමක් දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කරනු ලැබීමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ හැව්ලොක්ස් පිල පළමු භාගය නිමාවන විට උත්සාහක දිනුම් 5 ක්ම තබා හමාරය. එහෙත් සත්කාරක පිලේ පළමු ගෝලය වාර්තා වීමෙන් මිනිත්තු කිහිපයකට පසුව කසුන් ශී‍්‍රනාත් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් සී.එච්. පිල තරගයට යම්කිසි ජීවයක් කැවීමට සමත්වීය. එය ගෝලයක් බවට පත් කිරීමට ජනිත් චන්දිමාල්ට නොහැකිවූවත්  ලකුණු පරතරය 7-5 ක් ලෙසින් අඩු කරගැනීමට සී.එච්. පිල සමත්විය. එහෙත් ඉන් පසුව සත්කාරකයන්ගේ සීමා ඉරට සේන්දුවීමට නම් සී.එච්. පිලට කිසිදු ඉඩක් ලැබුණේම නැත.

තරගය පුරා කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූ දුලාජ් පෙරේරා ඉන් මිනිත්තු කිහිපයකට පසුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කිරීමේ අවස්ථාව ඔහු වෙතින් ගිලිහී යද්දී ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 12-5 ක් ලෙසිනි.

මෙවර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබූ කී‍්‍රඩකයන් අතර සිටින ප‍්‍රසාද් මධුසංඛ පිට පිට තැබූ උත්සාහක දිනුම් 2 ම ගෝල බවට පත් කළ දුලාජ් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 26-5 කින් ඉහළ දැමුවේය. පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර විමුක්ති රාහුල් තැබූ උත්සාහක දිනුමෙන් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගියේය.

දෙවැනි භාගය ආරම්භයේදීම ශෙනාල් දීලක තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 36-5 කින් ඉහළ දමාගත් හැව්ලොක්ස් පිල අනතුරුව ලිස්ටන් ෆ්ලැට්නීගේ උත්සාහක දිනුමක් දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 43-5 කින් ඉදිරියට ගියේය.

තරගය නිමාවීමට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ විමුක්ති රාහුල් හැව්ලොක්ස් පිල ඉහළට ඔසවා තැබුවේය.


-066


අදහස් (1)

නාමල්ගේ සී. එච්. පිලට හැව්ලොක්ස්ලා තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.