Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නායකයාට - ක්‍රීඩකයන්ට පැනවූ තහනම ඉවතට

නායකයාට - ක්‍රීඩකයන්ට පැනවූ තහනම ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර පැවැති ක්‍රිකට් තරගයේදී නොමනා ආකාරයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් දෙපිලේ නායකයන්ට මෙන්ම ක්‍රීඩකයන්ටත් පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ඒ අනුව දෙපිලේ නායකයන් දෙදෙනාට මෙන්ම ක්‍රීඩකයන්ටත් වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අභියාචනා කමිටුවේ වාර්තාව ලැබෙන තුරු ඔවුන්ට දේශීය තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට අවසර දුන් බවයි.

මේ වසර මුලදී පැවැති ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ ‘බී’ තලයේ තරගයකදී නොමනා ලෙසින් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්‍ෂණයකින් අනතුරුව දෙපිලේ නායකයන් වූ හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාට සහ කළුතර කායවර්ධන කවය කණ්ඩායමේ නායකයා වූ මනෝජ් දේශප්‍රියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. එම තරගයට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන් 20 දෙනට වසරක් බැගින් ක්‍රිකට් තහනම් කරන ලදි.

ක්‍රීඩා සමාජයකට රුපියක් ලක්‍ෂ 5 ක් බැගින් වූ දඩ මුදල් නියම කරන ලද අතර තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම අවලංගු කරමින් පානදුර ක්‍රීඩා සමාජය ‘ඒ’ ප්‍රධානතම තරගාවලියේ ‘ඒ’ තලයට පිවිසීම වැළැක්වීමටත් කළුතර කායවර්ධන කවය කණ්ඩායම සරවනමුත්තු කුසලාන තරගාවලිය දක්වා  පහත හෙළීමටත් තීරණය කෙරිණ.

පසුව ක්‍රීඩා සමාජ දෙකම කියා සිටියේ තමන්ට මෙන්ම ක්‍රීඩකයන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කරන බවත් එයින් විසඳුමක් නොලදහොත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා යන බවත්ය. මෙම ක්‍රීඩකයන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනා සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරන ලදි. සමන්ත දොඩන්වල, ඔෂාර පණ්ඩිතරත්න සහ චන්න වීරක්කොඩි යන මහත්වරුන් එම ත්‍රි පුද්ගල කමිටුවේ සාමාජිකයෝ වෙති.

ක්‍රිකට් ආයතනයෙන් වැඩිදුරටත් කරන  ලද විමසීමකදී අනාවරණය වූයේ එම තරගයේදී සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කිරීමට ක්‍රීඩකයන් සූදානමින් සිටින බවත් එසේ වුවහොත් මෙම සිදුවීමේ සැබෑ වරදකරුවන් හෙළිදරව් වන බවත්ය.

 


අදහස් (0)

නායකයාට - ක්‍රීඩකයන්ට පැනවූ තහනම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.