Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය 13 දා සිට

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය 13 දා සිට

editorial - 2023 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් 8 ක සහභාගීත්වයෙන් මේ මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම, ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සහ ඕමාන ‘ඒ’ කණ්ඩායම එහිදී ‘ඒ’ කොටස යටතේ තරග වදින අතර පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම, ඉන්දීය ‘ඒ’ කණ්ඩායම, එක්සත් අරාබි එමීර් ‘ඒ’ කණ්ඩායම සහ නේපාලය ‘බී’ කොටස යටතේ තරග වදියි.

මූලික වටයේදී එක් එක් කාණ්ඩ යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර ‘ඒ’ කොටසේ පළමු ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක සහ ‘බී’ කොටසේ පළමු ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක 21 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ‘බී’ කාණ්ඩයේ දෙවැනියට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියට එරෙහිවද තරග වැදීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියට සහභාගිවන බංග්ලාදේශ, ඇෆ්ඝනිස්ථාන, ඕමාන, ඉන්දීය සහ නේපාල කණ්ඩායම් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර පාකිස්තාන කණ්ඩායම හෙට (11 වැනිදා) දිනයේදීද, එක්සත් අරාබි එමීර් කණ්ඩායම අනිද්දා (12 වැනිදා) දිනයේදීද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලියේ සියලු තරග කොළඹදී පැවැත්වෙන අතර ආර්. ප්‍රේමදාස, පී. සරවනමුත්තු, එස්.එස්.සී. සහ සී.සී.සී. යන ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වේ. මූලික වටයේ තරග 9 ක් සහ එක් අවසන් පූර්ව තරගයක් දිවා තරග ලෙස පැවැත්වෙන අතර සෙසු තරග 5 දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ.


තරග කාලසටහන
■ ජූලි 13 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බංග්ලාදේශ ‘ඒ’ පිල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 13 - ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල සහ ඕමාන ‘ඒ’ පිල අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 14 - ඉන්දීය ‘ඒ’ පිල සහ එක්සත් අරාබි එමීර් ‘ඒ’ පිල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 14 - පාකිස්තාන ‘ඒ’ පිල සහ නේපාල පිල අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 15 - බංග්ලාදේශ ‘ඒ’ පිල සහ ඕමාන ‘ඒ’ පිල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 15 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 16 - විවේක දිනය
■ ජූලි 17 - පාකිස්තාන ‘ඒ’ පිල සහ එක්සත් අරාබි එමීර් ‘ඒ’ පිල අතර පී. සරා ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 17 - ඉන්දීය ‘ඒ’ පිල සහ නේපාල පිල අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී - පස්වරු 2.00 සිට  
■ ජූලි 18 - බංග්ලාදේශ ‘ඒ’ පිල සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල අතර පී. සරා ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 18 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ඕමාන ‘ඒ’ පිල අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී - පස්වරු 2.00 සිට
■ ජූලි 19 - නේපාල පිල සහ එක්සත් අරාබි එමීර් ‘ඒ’ පිල අතර පී. සරා ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 19 - පාකිස්තාන ‘ඒ’ පිල සහ ඉන්දීය ‘ඒ’ පිල අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී - පස්වරු 2.00 සිට   
■ ජූලි 20 - විවේක දිනය
■ ජූලි 21 - පළමු අවසන් පූර්ව තරගය පී. සරා ක්‍රීඩාංගණයේදී - පෙරවරු 10.00 සිට
■ ජූලි 21 - දෙවැනි අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී - පස්වරු 2.00 සිට   
■ ජූලි 22 - විවේක දිනය
■ ජූලි 23 - අවසන් මහ තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී - පස්වරු 2.00 සිට

 


අදහස් (0)

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.