Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන පාකිස්තාන ‘ඒ’ පිලට

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන පාකිස්තාන ‘ඒ’ පිලට

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැති නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 128 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ශූරතාවට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට ඕවර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි. එහිදී සුෆියාන් මුකීම් ලකුණු 66 කට කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඩ් වසීම්, මෙහෙරාන් මුම්ටාස් සහ අර්ෂාඩ් ඉක්බාල් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 352 ක් රැස්කළ අතර එහිදී ටයාබ් තාහීර් (108) පන්දු 71 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමග ශතකයක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ සයිම් අයුබ් (59) සහ සහිබ්සාදා ෆර්හාන් (65) අර්ධ ශතක ලබාගනිමින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.


පාකිස්තාන ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 352
(සයිම් අයුබ් 59, සහිබ්සාදා ෆර්හාන් 65, ඔමේර් යූසෆ් 35, ටයාබ් තාහීර් 108, මුබසිර් ඛාන් 35, මොහොමඩ් වසීම් නොදැවී 17, රියාන් පරාග් 24/2, ආර්.එස්. හංගගේකර් 48/2)

ඉන්දීය ‘ඒ’ පිල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 224  
(සායි සුදර්ෂන් 29, අභිෂේක් ශර්මා 61, යෂ් ධූල් 39, සුෆියාන් මුකීම් 66/3, මොහොමඩ් වසීම් 26/2, මෙහෙරාන් මුම්ටාස් 30/2, අර්ෂාඩ් ඉක්බාල් 34/2)

 


අදහස් (0)

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන පාකිස්තාන ‘ඒ’ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.