Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නැඟී එන පිලේ නායකත්වය වෙල්ලාලගේට

නැඟී එන පිලේ නායකත්වය වෙල්ලාලගේට

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹදී හෙට (13 වැනිදා) ආරම්භ වන නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩයම මෙහෙයවීම සඳහා දුනිත් වෙල්ලාලගේ නම්කර තිබේ. මේ වන විටත් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 9 කට ක්‍රීඩා කර සිටින වෙල්ලාලගේ, 15 න් පහළ වයස්කාණ්ඩයේ සිටම නායකත්වයේ ලක්‍ෂණ පෙන්නුම් කළ ක්‍රීඩකයෙකි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි වෙල්ලාගේ, පසුව කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයට පැමිණියේය. එතැන් සිට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දක්වා ගිය වෙල්ලාලගේ පසුගිය වසරේදී පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත්තේය. වමතින් පිත්ත හසුරුවන වෙල්ලාලගේ වමතින් දඟ පන්දු යවන්නෙකි.

මීට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථාවරව සිටි ක්‍රීඩකයන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් මෙන්ම එක්දින කණ්ඩායමේ ස්ථාන වෙනුවෙන් දැඩි සටනක නිරතව සිටින ලසිත් කෲස්පුල්ලේ, ප්‍රමෝද් මධුශාන් සහ දුෂාන් හේමන්ත ද මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා නැඟී එන සංචිතය
දුනිත් වෙල්ලාලගේ (නායක), පසිඳු සූරියබණ්ඩාර, මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, අශේන් බණ්ඩාර, ළහිරු උදාර (කඩුලු රකින්නා), ජනිත් ලියනගේ, බිනුර ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, ඉසිත විජේසුන්දර, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුශාන් සහ දුෂාන් හේමන්ත

 


අදහස් (0)

නැඟී එන පිලේ නායකත්වය වෙල්ලාලගේට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.