Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිමාලිත් මූලික වටයෙන්ම ඉවතට

නිමාලිත් මූලික වටයෙන්ම ඉවතට

editorial - 2021 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ බලාපොරොත්තු තුනෙක් එකක් වූ නිමාලි ලියනාරච්චිද පළමු වටයේදීම තරගාවලියෙන් ඉවත් වූවාය. මීටර 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම පළපුරුදු ක්‍රීඩිකාව, ඇය තරග කළ 4 වැනි මූලික තරගය නිමා කළේ එහි 8 වැන්නිය ලෙසිනි.

ඇයගේ තරග කාලය විනාඩි 2:10.23 ක් ලෙසින් සටහන් විය. 4 වැනි මූලික තරගය ජයගත් එක්සත් ජනපදයේ රේවියන් රොාජර්ස්ගේ තරග කාලය විනාඩි 2:01.42 කි.

මීටර 800 ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා තෝරාගනු ලබන්නේ එක් එක් මූලික තරගයේ හොඳම ක්‍රීඩිකාවන් තිදෙනා සහ වේගවත්ම ක්‍රීඩිකාවන් 6 දෙනාය. පළමු වටය සඳහා මූලික තරග 6 කි. ඒ අනුව මීටර 800 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 24 දෙනකු තෝරා ගැනේ.

 

- 213

 


අදහස් (0)

නිමාලිත් මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.