Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේදී ඉසව් නවයකට සීමා කරමින් පැවැත්වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 3,000 බාධක දිවීමේ කාන්තා ඉසව්ව විනාඩි 9 තත්පර 52.96කට නිමා කළ නිලානි රත්නායක ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශිත ප්‍රසාද ලකුණු ගණන තවත් ඉහළ දමා ගැනීමට සමත් වූවාය.
එම ඉසව්ව ජයගත් නිලානි ලබන ජුනි 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ සුදුසුකම් ලබාගැනීමට වඩාත්ම ආසන්න අවස්ථාව හිමි කරගෙන සිටින ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකාවයි.
මෙම ඉසව්වේ ජාතික වාර්තාවට ද (විනාඩි 9 තත්පර 46.76කට) හිමිකම් කියන නිලානි රත්නායක සිකුරාදා තරගය නිමා කළ ආකාරය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ අලුතෙන් එක්වූ ප්‍රසාද ලකුණු ගණනත් සමග ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාවට ඉතාම ආසන්න වී සිටින බවයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට එක එල්ලේ සුදුසුකම් අපේක්ෂා කරන ක්‍රීඩිකාවක් මෙම ඉසව්ව විනාඩි 9 තත්පර 30.00ක කාලයක් ඇතුළත නිමා කළ යුතුව තිබේ.
වර්ෂාව මැද්දේ පැය දෙකකට පමණක් සීමා කරමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු අදියර පැවැත්විමේදී මීටර 800 (කාන්තා) ඉසව්වට වැඩි අවධානයක් යොමු විය. එහිදී පසුගිය අප්‍රේල් මාසයේ සුගතදාස පිටියේ පැවැති පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී විනාඩි 2 තත්පර 02.52ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජයගත් යොවුන් ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ මීටර් 300ක් ඉක්මවා යාමට මත්තෙන් පාදයක මස්පිඩු ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වූවාය.
එම ඉසව්ව ජය ගත්තේ එහි තවත් ජාතික ශූරියක් වන නිමාලි ලියනආරච්චි විසිනි. ඒ විනාඩි 2 තත්පර 06.69කටය. එහෙත් අප්‍රේල් පළමු තේරීම් තරගාවලියේදී නිමාලි පරාජයට පත් කරමින් (විනාඩි 2 තත්පර 03.15) ඩිල්ෂි ඉසව්ව නිමා කළේ විනාඩි 2 තත්පර 02.52කටය.
මෙහි හිටපු ජාතික වාර්තාලාභිනිය වන ගයන්තිකා අබේරත්න ඊයේ මෙම ඉසව්වට තරග නොකළාය.
මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයේදී තත්පර 10.38ක දක්ෂතාවක් පළ කළ ජාතික කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ගේ එහි අවසන් තරගයේ කාලය තත්පර 10.45 ක් වී තිබුණි.
මීට දින කිහිපයකට ඉහතදී ඉතාලියේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී තත්පර 10.15 ක දක්ෂතාවක් පළකරමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයාට හිමි ශ්‍රී ලංකා වාර්තාව හිමි කරගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. එතෙක් එහි ශ්‍රී ලංකා වාර්තාවට (තත්පර 10.22) හිමිකම් කියා සිටියේ හිමාෂ ඒෂාන්ය.
මේ අතර අමාෂා ද සිල්වා අප්‍රේල් තේරීම් තරගාවලියේදී මෙන් ජාතික තරගාවලියේදීත් මෙරට වේගවත්ම කාන්තාව බවට සනාථ කරමින් තත්පර 11.89 කට මීටර 100 (කාන්තා) ඉසව්ව ජයගත්තාය. අමාෂාගේ අප්‍රේල් තේරීම් නිමි කාලය වූයේ තත්පර 11.79 කි. පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති 92 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ඇගේ තරග නිමි කාලය වාර්තා වූයේ තත්පර 11.55කි.
හිටපු සුපිරි වේග රැජින සුසන්තිකා ජයසිංහ වසර 2000 සිට මීටර 100 (කාන්තා) ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ තත්පර 11.04 කටය.
මීටර 400 (පිරිමි) ඉසව්ව තත්පර 46.12කට නිමා කරමින් එහි නැවතත් ජාතික ශූරයා බව කාලිංග කුමාරගේ සනාථ කර සිටියේය. එහෙත් කාලිංග අප්‍රේල් තේරීම් තරගයේදී එය ජය ගත්තේ තත්පර 45.99ක දක්ෂතාවක් පෙන්වමිනි.
නදීෂා රාමනායක මීටර 400 කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවයි. ඒ තත්පර 53.32කටය. මෙම ඉසව්වේ ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් සනාථ කිරීමේ අවමය තත්පර 51.35කි. මීටර 400 (පිරිමි) ඉසව්වේ නම් එය තත්පර 44.90කි.
ජාතික තරගාවලියේ සෙසු අදියර පැවැත්වෙන දින මෙතෙක් ප්‍රකාශ වී නැත.
මීටර 100 ජයග්‍රාහකයා හිමාෂ ඒෂාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.