Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිෂාන් එළියට ඕෂධ ඇතුළට
නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය

නිෂාන් එළියට ඕෂධ ඇතුළට

editorial - 2024 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ටෙස්ට් තරග 2 කින් සමන්විත තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමට මුහුණදීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඉදිරි පෙළ පිතිකරු ඕෂධ ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ ඕෂධ, දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී ශතකයක් (122) සහ අර්ධ ශතකයක් (80) ලබාගනිමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව හිමිව තිබේ. 

මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඕෂධ ටෙස්ට් තරග 21 ක ඉනිම් 37 කදී ලකුණු 1091 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගිනි. එහි සාමාන්‍යය 33.06 ක අගයක් ගන්නා අතර 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී රැස්කළ ලකුණු 102 ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස සටහන් වේ. 

කෙසේ වුවත් ඕෂධ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්ව සිටින්නේ වසර එකහ මාරකට පමණ පසුවය. 2023 වසරේ මාර්තු මස නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ දක්වා ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරගයකට සහභාගි වී නැත. 

මේ අතර නිමාවට පත් වූ එංගලන්ත සංචාරයේදී කඩුලු රකින්නකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි නිෂාන් මධුෂ්ඛ, එහිදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වී ඇත. 

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 3 න් 2 කට ක්‍රීඩා කළ නිෂාන්ට ඉනිම් 4 කදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 4 ක්, 0 ක්, 7 ක් සහ 13 ක් ලෙසිනි. එහෙත් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති පෙරහුරු තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 77 ක් රැස්කළේය. 

එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි කසුන් රාජිත සහ නිසල තාරකට මෙම තරගාවලියේදී සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර ඔවුන් වෙනුවට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ යළිත් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

 

ශ්‍රී ලංකා සංචිතය 
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ සහ මිලාන් රත්නායක 


අදහස් (0)

නිෂාන් එළියට ඕෂධ ඇතුළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.