Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹදී අද (6 වැනිදා) රටවල් හයකගේ සභභාගිත්වයෙන් ආරම්භවූ මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලක) තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් වට 3 - 0 ක පරාජයක් ලැබීය. ඒ ලකුණු 14/25 - 22/25 - 26/ 28 ක් පරිදිය.
සුගතදාස ගෘහස්ථ පිටියේදී ලබන සෙනසුරාදා (12) දක්වා මෙම තරගාවලිය පැවැත්වෙයි.
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (7 වැනිදා) පස්වරු 6.00 ට මාලදිවයින සමග මූලික වටයේ දෙවැනි තරගයට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව පළමු තරගයෙන්ම ලද පරාජය හමුවේ හෙට තරගය ජය ගැනීම වඩාත්ම වැදගත් වන්නේ තරගාවලියේ මූලික වටයේ ඉදිරියට යාමට එම ජයග්‍රාහණය තීරණාත්මක වන බැවිණි.
අනිද්දා (8) කිරිගිස්ථානය සමගත් බදාදා (9) තර්ක්මෙනිස්ථානය සමගත් හා බ්‍රහස්පතින්දා (10) උස්බෙකිස්තානය සමගත් ශ්‍රී ලංකාව මූලික වටයේ තවත් තරග තුනකට සහභාගිවීමට නියමිතය.
සිකුරාදා (11) පැවැත්වෙන අවසන් පූර්ව වටයට මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණුලාභින් සිව් දෙනා නිර්දේශ ලබති. අවසන් මහ තරගය සෙනසුරාදා (12) පැවැත්වේ. ඊට නිර්දේශ ලබන කණ්ඩායම් දෙකම (ශූරයන් හා අනුශූරයන්) මෙහි ආසියානු කුසලාන (2025) තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබති.
අවසන් පූර්ව පරාජිතයන් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයත් සෙනසුරාදා පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී උස්බෙකිස්තානය වට 3/0 කින් ජය ගත්තේ කිරිගිස්ථානය පරාජයට පත් කරමිනි. ඒ අතර මූලික වටයේ තෙවැනි තරගයෙන් තර්ක්මෙනිස්ථානය විසින් මාලදිවයින වට 3/0 කින් පරාජය කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.