Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේලක - චාතූර්ය - අංජලිකා ද්විත්ව ශූරතා දිනති

නේලක - චාතූර්ය - අංජලිකා ද්විත්ව ශූරතා දිනති

Nisanka Sandeepani - 2018 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 103 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට නේලක දිසානායක, චාතූර්ය නිලවීර සහ අංජලිකා කුරේරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

වයස 14 න් පහළ (බාලක) කේවල ශූරතාව දිනාගත් නේලක දිසානායක, චාතූර්ය නිලවීර සමග එක්ව වයස 16 න් පහළ (බාලක) යුගල ශූරතාවද දිනාගනිමින් මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය. චාතූර්ය නිලවීර ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේ වයස 16 න් පහළ (බාලක) යුගල ශූරතාවට අමතරව වයස 16 න් පහළ (බාලක) කේවල ශූරතාවද දිනාගනිමිනි. 

පිට පිටම තෙවැනි වරටත් වයස 14 න් පහළ (බාලිකා) කේවල ශූරතාව තමන් සතුකර ගත් අංජලිකා කුරේරා කුරේරා, ඉන් නොනැවතී වයස 16 න් පහළ (බාලිකා) කේවල ශූරතාවද දිනාගනිමින් මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කී එකම ක්‍රීඩිකාව බවට පත් වූවාය. 

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී ඉසව් 29 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 365 දෙනෙක් තරග වැදුණහ. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කළ අතර ඩයලොග් සමාගම සහ බ්‍රවුන්ස් සමාගම එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළහ. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වූයේ ඩන්ලොප් සමාගමයි. 

බාලක තරග ප්‍රථිඵල 

වයස 12 න් පහළ කේවල 
විචින්ත්‍ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස ලිසල් ගුණතිලක පරාජය කරන ලදි. (7/5, 6/2) 

වයස 12 න් පහළ යුගල 
සඳරු ගුරුගේ සහ රන්සත් පීරිස් විසින් තරග වට 2-0 ක් ලෙස තිළිණ දිසානායක සහ නිතිල ගුණතිලක පරාජය කරන ලදහ. (6/4, 6/1) 

වයස 14 න් පහළ කේවල 
නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස අනුත් විජේසිංහ  පරාජය කරන ලදි. (6/0, 6/0) 

වයස 14 න් පහළ යුගල 
අප්න පෙරේරා සහ අනුත් විජේසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස අනුජය අබේවික්‍රම සහ හසල් අහංගම පරාජය කරන ලදහ. (6/1, 6/1) 

වයස 16 න් පහළ කේවල 
චාතූර්ය නිලවීර විසින් තරග වට 2-1 ක් ලෙස ලූකා නීස් පරාජය කරන ලදි. (6/4, 3/6, 6/2) 

වයස 16 න් පහළ යුගල 
නේලක දිසානායක සහ චාතූර්ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස ධිල්වන් හේරත් සහ ශිවේන්ද්‍ර පෙරේරා පරාජය කරන ලදහ. (6/3, 7/6) 

වයස 18 න් පහළ කේවල 
සවිත් වීරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස චාතූර්ය නිලවීර පරාජය කරන ලදි. (6/1, 3/6, 6/2) 

වයස 18 න් පහළ යුගල 
ඉන්තූජන් සෙල්වරත්නරාජා සහ මාක් සෙනෙවිරත්න විසින් තරග වට 2-1 ක් ලෙස ධිල්වන් හේරත් සහ සවිත් වීරසිංහ පරාජය කරන ලදහ. (4/6, 6/4, 10/7) 

බාලිකා තරග ප්‍රථිඵල 

වයස 12 න් පහළ කේවල 
හසාලි ගජබා විසින් තරග වට 2-0 ක් ලෙස අරුෂි චාරුණී පරාජය කරන ලදි. (6/0, 6/1) 

වයස 12 න් පහළ යුගල 
නෙලිනි ජයසූරිය සහ රුවී රාජකරුණා විසින් තරග වට 2-0 ක් ලෙස හසාලි ගජබා සහ මිනුකි දිමන්සා පරාජය කරන ලදහ. (6/1, 7/5)
 

වයස 14 න් පහළ කේවල 
අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ටානියා දෙලොසේවල පරාජය කරන ලදි. (6/1, 6/1) 

වයස 14 න් පහළ යුගල 
තුවිනි ද අල්විස් සහ සෙනෙෂි විල්ලොරාරච්චි විසින් තරග වට 2-1 ක් ලෙස ප්‍රීතිකා චන්ද්‍රමෝහන් සහ අෂාන්ති සෙනෙවිරත්න පරාජය කරන ලදහ. (4/6, 7/5, 10/2) 

වයස 16 න් පහළ කේවල 
අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඕෂිනි හේරත් පරාජය කරන ලදි. (6/4, 6/4) 

වයස 18 න් පහළ කේවල 
සවිනි ජයසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස ජනලි මනම්පේරි පරාජය කරන ලදි. (7/6, 6/4) 

 

 


අදහස් (0)

නේලක - චාතූර්ය - අංජලිකා ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.