නේෂන්ට ට්‍රස්ට් බැංකුවට 58-57 ක තියුණු ජයක්
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 58-57 ක තියුණු ජයක් වාර්තා කිරීමට නේෂන්ට ට්‍රස්ට් බැංකු (කළු) කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 30-29 ක් ලෙස එක් ලකුණකින් පෙරමුණගත් නේෂන්ට ට්‍රස්ට් බැංකු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදීද එම පරතරය එළෙසම පවත්වා ගැනීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ලකුණු 28 බැගින් රැස්කළ නමුත් පළමු අර්ධයේදී ලබාගත් වාසිය හේතුවෙන් නේෂන්ට ට්‍රස්ට් බැංකු කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.
කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 18 ක් රැස්කළ නේෂන්ට ට්‍රස්ට් බැංකු කණ්ඩායමේ ජූඞ් පෙරේරා සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ පස්වැනි සහ හයවැනි දිනවලදී පැවැති සෙසු කාණ්ඩයන්ගේ මූලික තරගවල ප්‍රතිඵල පහත දැක්වේ.
‘බී’ කාණ්ඩය
■ ශ්‍රී ලංකා ගුවන් සමාගම් ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 61-49 ක් ලෙස ජෝන් කීල්ස් සමාගම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඇන්ඩ්‍රි ජයකොඩි (ශ්‍රී ලංකා ගුවන් සමාගම් ‘ඒ’ කණ්ඩායම) - ලකුණු 23
■ නේෂන් ට්‍රස්ට් බැංකු (කළු) කණ්ඩායම විසින් ලකුණු 58-57 ක් ලෙස ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ජූඞ් පෙරේරා (නේෂන් ට්‍රස්ට් බැංකු කළු කණ්ඩායම) - ලකුණු 18
‘සී’ කාණ්ඩය
■ රණවන සහ සමාගම විසින් ලකුණු 59-58 ක් ලෙස සම්පත් බැංකුව පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ප්‍රවීන් මන්තික (රණවන සහ සමාගම) - ලකුණු 16
‘ඩී’ කාණ්ඩය
■ වර්තූසා කණ්ඩාම විසින් ලකුණු 68-51 ක් ලෙස සොෆ්ලොජික් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිල්ක සිරිමාන්න (වර්තූසා කණ්ඩාම) - ලකුණු 39
‘ඊ’ කාණ්ඩය
■ ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම විසින් ලකුණු 55-46 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගම් ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඉනාම් ඉස්මයිල් (ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම) - ලකුණු 16
■ ශ්‍රී ලංකා දුම්කොල සමාගම විසින් ලකුණු 64-46 ක් ලෙස යූ.බී. ෆිනෑන්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඉනාම් අමීන් (ශ්‍රී ලංකා දුම්කොල සමාගම) - ලකුණු 31
■ අබාන්ස් කණ්ඩායම විසින් ලකුණු 64-63 ක් ලෙස නේෂන් ට්‍රස්ට් බැංකු (නිල්) කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ළහිරු මානවඩු (අබාන්ස් කණ්ඩායම) - ලකුණු 28