Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිශාන්ත - යසිකා ශූරතා දිනති

නිශාන්ත - යසිකා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියේදී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත් නිශාන්ත ප්‍රනාන්දුද ,දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සබරගමු පළාත් යසිකා රාහුබද්ධ ද සම්මාන දිනාගත්හ. ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැති තරගාවලියට ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළුව දිවයිනේ පළාත් නවයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 90  දෙනෙක් සහභාගි වූහ.

 ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අධීක්‍ෂණයෙන් තරගාවලිය සංවිධානය කළේය. ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් ත්‍යාග හා පදක්කම් ප්‍රදානය කිරීම හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි.පි.විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ලැබුණු එකම අවස්ථාවෙන් ප්‍රතිවාදියාට අවස්ථාවක් නොදෙමින් සිය සියලු ඉත්තන් කැරම් පුවරුවෙන් ඉවත් කිරීමේ එකම අවස්ථාව මෙවර තරගාවලියේදී වාර්තා කිරීමට සමත් වූ නිශාන්ත ප්‍රනාන්දුට විශේෂ මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.

මෙවර තරගාවලියේදී බස්නාහිර පළාත රන් පදක්කම් හතරක්ද, රිදී පදක්කම් දෙකක්ද, ඌව  හා සබරගමුව යන පළාත් එක රන් පදක්කමක්ද බැගින් හිමිකර ගත්හ.


44 වැනි ජාතික මහ ක්‍රීඩා කැරම් තරගාවලියේ පදක්කම්ලාභියෝ


පිරිමි කේවල
රන් පදක්කම:- ඩබ්ලිව්. ඩි නිශාන්ත ප්‍රනාන්දු
(බස්නාහිර (09/18,25/17,22/21)
රිදී පදක්කම:- අනස් අහමඞ් (ඌව)
ලෝකඩ පදක්කම:-වයි.එම්.පී. උදයංග (වයඹ)


කාන්තා කේවල
රන් පදක්කම:- යසිකා රාහුබද්ධ (සබරගමුව (20/24,25/03,24/08)
රිදී පදක්කම:- ජෝශප් රොසිටා (බස්නාහිර)
ලෝකඩ පදක්කම:- කේ. කේසාජනී (උතුර)


පිරිමි යුගල
රන් පදක්කම :-ෂහීඞ් හිල්මි /හසිත අනුරුද්ධ පෙරේරා (බස්නාහිර (25/04,16/24,25/04
රිදී පදක්කම:-ඒ.සී.එම්. අස්ලාම්/ ඕ.එම්.එච්.වී. කුමාර (වයඹ)
ලෝකඩ පදක්කම:- එස්.එම්. ශ්‍යාම් ඩීන් /එම්.එම්.එම්.මසාහිර් (ඌව)


කාන්තා යුගල
රන් පදක්කම:- චලනි ලක්මාලි ලියනගේ/ මධුකා දිල්ෂානි රණවීර (බස්නාහිර) (25/04,25/04)
රිදී පදක්කම :-මධුවන්ති ගුණදාස/මධුෂා දුලංජලී විතාන (සබරගමුව)
ලෝකඩ පදක්කම:- ඊ.දිසාන්ති/ආර්.බවතරනී (උතුර)

කණ්ඩායම් තරග ප්‍රතිඵල - පිරිමි
රන් පදක්කම්  - ඌව පළාත් කණ්ඩායම
අනස් අහමඞ්, එම්.එම්.එම්.මසාහිර්, එස්.එම්.ශ්‍යාම් ඩීන්, කේ.ගෝපිෂාන්, නුවන් රවීන්ද්‍ර ශාන්.
රිදී පදක්කම - බස්නාහිර පළාත් කණ්ඩායම.
නිශාන්ත ප්‍රනාන්දු, ෂහිඞ් හිල්මි, හසිත අනුඅරුද්ධ, චරිත් මධුසංක,සුරාජ් මධුවන්ත.
ලෝකඩ පදක්කම  - වයඹ පළාත් කණ්ඩායම.
වයි.එම්.පී.උදයංග, ඒ.සී.එම්. අස්ලාම්, ඒ.එම්.ඒ. ප්‍රියසංක, දිසුරු දිල්මින්.


කණ්ඩායම් තරග ප්‍රතිඵල - කාන්තා
රන් පදක්කම - බස්නාහිර පළාත් කණ්ඩායම
ජෝශප් රොසිටා, චලනි ලක්මාලි ලියනගේ, මධුකා දිල්ෂානි රණවීර,නිපුනි දිල්රුක්‍ෂි,රෙබේකා ඩැල්රින් ගේබ්‍රියල්.
* රිදී පදක්කම - සබරගමු පළාත් කණ්ඩායම
යසිකා රාහුබද්ධ, මධුවන්ති ගුණදාස, මදුෂා දුලාංජලී විතාන, බී.ජී. නිරෝෂනී ගම්ලත්, එච්.ඒ.සී.එම්. ප්‍රේමරත්න
* ලෝකඩ පදක්කම - උතුරු පළාත් කණ්ඩායම
කේ. කේසාජනී, ආර්.බවතරණී, ඊ.දිසාන්ති, එල්. තුෂාජිනී, එස්.වෝජනා.

 


අදහස් (0)

නිශාන්ත - යසිකා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.