Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිශාන්ත - චලනි කේවල ශූරතා දිනති

නිශාන්ත - චලනි කේවල ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 18 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සමත් විය. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (25/05, 25/18) ගුවන් හමුදාවේ දිනෙත් දුලක්‍ෂණ පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය.

ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ තියුණු සටනකින් අනතුරුව අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස (25/06, 20/25, 25/19) ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ පරාජය කරමිනි.

පිරිමි කේවල තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඞ් ෂහීඞ් හිල්මිද, කාන්තා කේවල තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ගුවන් හමුදාවේ රෙබෙකා ඩැල්රින්ද සමත් වූහ.

කාන්තා කේවල ශූරතාවය දිනාගත් චලනි ලක්මාලි එහි අවසන් මහ තරගයේදී ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ යසිකා රාහුබද්ධ සමග එක්ව කාන්තා යුගල ශූරතාවයද දිනා ගනිමින් මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතා හිමිකර ගැනීමට සමත් වූවාය.

පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල ලෙස තරග ඉසව් හතරකින් සමන්විත වූ මෙම තරගාවලිය කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැති අතර ඊට දිවයින පුරා තරගකරුවන් තුන්සීයකට අධික පිරිසක් සහභාගී වූහ.


පිරිමි කේවල
නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව) විසින් වට 2-0 ක් ලෙස දිනෙත් දුලක්‍ෂණ (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (25/05, 25/18)

කාන්තා කේවල
චලනි ලක්මාලි ලියනගේ (ගුවන් හමුදාව) විසින් වට 2-1 ක් ලෙස යසිකා රාහුබද්ධ (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (25/06, 20/25, 25/19)

 

පිරිමි කේවල ශූරතාව දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු සහ අනු ශූරතාව හිමිකරගත් දිනෙත් දුලක්‍ෂණ

කාන්තා කේවල ශූරතාව දිනාගත් චලනි ලක්මාලි ලියනගේ සහ අනු ශූරතාව හිමිකරගත් යසිකා රාහුබද්ධ

 


අදහස් (0)

නිශාන්ත - චලනි කේවල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.