Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිලූක - දිනුක පරාජය ලබති

නිලූක - දිනුක පරාජය ලබති

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක  කරුණාරත්න මූලික වටයේදී මාලදිවයිනේ  නසීර් සර්ෆ්ඩින් හමුවේ වට 2-1ක පරාජයක් ලැබීම නිසා කේවල (පිරිමි) තරගයේ බලාපොරොත්තු  අත්හැර ගැනීමට සිදුවිය. ඔහුගේ යොහොයුරු දිනුක කරුණාරත්න මලයාසියානු කී‍්‍රඩක ඩැරන් ලිව් හමුවේ වට 2-0ක පරාජයක් ලැබීම නිසා ඔහුටද තරගාවලියෙන් ඉවත්වීමට ඔහුටද සිදුවිය.

නිලූක - ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පිරිමි කේවල ඉසව්වේ 16 වැනි ස්ථානයට පැමිණි  ශ්‍රී ලංකා කී‍්‍රඩකයායි. එවැනිම ජාත්‍යන්තර  තරග අත්දැකීම් හෙබි ඔහුගේ සොහොයුරු දිනුක ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 102 වැනි ස්ථානයේද, නිලූක 96 වැනි ස්ථානයේද පසුවේ.

මේ අතර ග්ලැස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සහභාගීත්වය අවසන් කරමින් ශ්‍රී ලංකාව ඊයේ (1) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රති‍්‍රයේදී මීටර 4-400 (පිරිමි) ඉසව්වේ  මූලික වටයට තරගවැදීමට නියමිතව තිබුණි.

 ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබා ගතහොත් හෙට (3) කී‍්‍රඩා උළෙල නිමාවට පත් කරමින්  පැවැත්වෙන  එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඒ සඳහා චානක මධුෂාන් ජයසේකර, කසුන් සෙනවිරත්න, අංජන ගුණරත්න හා ධනුෂ්ක නලින් කරුණාරත්න තරග වැදීමට සූදානමින් සිටි අතර අතිරේක කී‍්‍රඩකයෙකු ලෙස කාලිංග කුමාරගේ  කණ්ඩායමට නම් කර තිබිණ.

 ශ්‍රී ලංකාව මලල  කී‍්‍රඩාවෙන් අවසන්වරට පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලකදී පදක්කම් දිනා ඇත්තේ 1998 ක්වාලාලාම්පූර් නුවර පැවති කී‍්‍රඩා උළෙලේදීය. එහිදී එවකට ශී‍්‍ර ලංකා කඩුලූ පැනීමේ කී‍්‍රඩිකා ශ්‍රීයානි කුලවංශ රිදී පදක්කමක් දිනාගත් අතර මීටර 400 කී‍්‍රඩක සුගත් තිලකරත්න ලෝකඩ පදක්කමක්ද දිනා ගත්තේය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන නව දෙනකුට සීමාවූයේ උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාරට අවසන් මොහොතේදී තරගාවලිය අහිමි වීමෙනි.

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල වසර 2018 දී  ඕස්ටේ‍්‍රලියාවේ ‘ගෝල්ඞ්කෝස්ට්’ නුවරදී නුවරදී පැවැත්වේ.  

 


අදහස් (0)

නිලූක - දිනුක පරාජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.