Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකාවේ ඩබ්ලිව් එල්. නිමාලි මීටර 800 ඉසව්වෙන් පළමු ස්ථානය දිනාගත්තාය. ඇයගේ තරග නිමි කාලය වූයේ විනාඩි 2 යි තත්පර 7.18 කි.
අදියර තුනකින් සමන්විත ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ පළමු අදියරේදී ඇය මෙම ජයග‍්‍රහණය වාර්තා කළාය. පළමු අදියර තායිලන්තයේ ජාතික කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැත්විණ.
නිමාලි සමගින් මෙම තරගාවලියට සහභාගි වෙමින් සිටින ඉඳුනිල් හේරත් විනාඩි 1 තත්ත්පර 49.95 ක කාලයක් වර්තා කරමින් මීටර 800 පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය ලබාගත්තේය. මීටර 100x4 ඉසව්වේදී තත්ත්පර 39.58 ක් වාර්තා කළ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ගෝන් පී‍්‍ර තරගාවලියකදී ජයග‍්‍රහණය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පළමු ස්ථානය සඳහා ඩොලර් 3000 ක්, දෙවැනි ස්ථානය සඳහා ඩොලර් 1000 ක් සහ තුන්වැනි ස්ථානය සඳහා ඩොලර් 500 ක් බැගින් මුදලින් තෑගි හිමිවේ. මෙම තරග වලදී පදක්කම් පිරිනැමෙන්නේ සත්කාරක රටේ මලල කී‍්‍රඩා සංගමයේ අභිමතය පරිදිය.
කෙසේ වෙතත් මෙම ත්‍යාග මුදල් ලබාගැනීමට නම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අදියර තුන සඳහාම සහාභාගි විය යුතුය.
තරගාවලියේ දෙවැනි අදියර හෙට (25 වැනිදා) පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.