Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිමාලි වසර 24 ක් පැරණි වාර්තාව බිඳී

නිමාලි වසර 24 ක් පැරණි වාර්තාව බිඳී

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) නව ශ්‍රී ලංකා වාර්තා 2 ක් පිහිටුවීමට බස්නාහිර පළාතේ ඉෂාර සඳරුවන් සහ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි සමත් වූහ.


පිරිමි රිටි පැනීමේ ඉසව්වේදි මීටර් 5.10 ක උසක් පනිමින් ඉෂාර සඳරුවන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර නිමාලි ලියනාරච්චි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවේ කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 2:03.50 කින් නිමා කරමිනි.


නිමාලි විසින් ඊයේ බිඳ දමන ලද වාර්තාව වසර 24 ක් පැරණි වාර්තාවක් වන අතර 1992 වසරේ පැවැති බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේදී ධම්මිකා මැණිකේ, විනාඩි 2:03.85 කින් එම ඉසව්ව නිමා කරමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.


තරග ප්‍රතිඵල (පිරිමි)

රිටි පැනීම

1 ඉෂාර සඳරුවන් (බස්නාහිර) - මීටර් 5.10 (නව ශ්‍රී ලංකා වර්තාවකි)

2 කේ. කේ. බාලසූරිය (වයඹ) - මීටර් 4.50

3 කේ. කනතීපන් (උතුර) - මීටර් 4.40  

 

මීටර් 800

1 ඉඳුනිල් හේරත් (ඌව) - තත්ත්පර 1:51.9

2 ඒ. ඩී. කුමාර (බස්නාහිර) - තත්ත්පර 1:52.3

3 සුපුන් ක-ුෂාන්ත (ඌව) - තත්ත්පර 1:52.9


යගුලිය විසිකිරීම

1 සමිත ජයවර්ධන (වයඹ) - මීටර් 14.69

2 ටී. එම්. ආසික් (නැගෙනහිර) - මීටර් 13.79

3 එච්. සී. ෆර්ඩිනෑන්ඩස් (බස්නාහිර) - මීටර් 13.64


දුර පැනීම

1 මොහොමඞ් මිෆ්රාන් (නැගෙනහිර) - මීටර 7.72

2 කේ. එම්. කුමාර (වයඹ) - මීටර් 7.64

3 මධුක ලියනපතිරණ (බස්නාහිර) - මීටර් 7.60


මීටර් 4×100

1 වයඹ පළාත - තත්ත්පර 41.7

2 දකුණු පළාත - තත්ත්පර 41.8

3 සබරගමු පළාත - තත්ත්පර 42.2


තරග ප්‍රතිඵල (කාන්තා)

මීටර් 8-00

1 නිමාලි ලියනාරච්චි (දකුණ) - තත්ත්පර 2:03.5 (නව ශ්‍රී ලංකා වර්තාවකි)

2 ගයන්තිකා අබේරත්න (දකුණ) - තත්ත්පර 2:03.7

3 ඒ. ඩී. සඳකාන්ති (දකුණ) - තත්ත්පර 2:08.4

 

කවපෙත්ත විසිකිරීම

1 අයේෂා මධුවන්ති (ඌව) - මීටර් 38.20

2 මධුරංගි පෙරේරා (බස්නාහිර) - මීටර් 38.03

3 වී. වී. ලක්මාලි (උතුරු මැද)


දුර පැනීම

1 සාරංගි සිල්වා (බස්නාහිර) - මීටර් 5.99

2 ඒ. ඩී. ධනංජනී (දකුණ) - මීටර් 5.85

3 අංජනී පුලවංස (බස්නාහිර) - මීටර් 5.76


හෙල්ල විසිකිරීම

1 දිල්හානි ලේකම්ගේ (සබරගමුව) - මීටර් 52.01

2 කෞෂල්‍යා ලක්මාලි (දකුණ) - මීටර් 41.67

3 පී. එස්. ක්ලැරන්ස් (ඌව) - මීටර් 40.75


මීටර් 4×100

1 බස්නාහිර පළාත - තත්ත්පර 48.0  

2 සබරගමු පළාත - තත්ත්පර 48.5

3 ඌව පළාත - තත්ත්පර 49.6


ඡායාරූප : ඒෂාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

නිමාලි වසර 24 ක් පැරණි වාර්තාව බිඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.