Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිරෝෂන් - කල්හාරි ඇවිදීමේ ශූරතා දිනති

නිරෝෂන් - කල්හාරි ඇවිදීමේ ශූරතා දිනති

Nisanka Sandeepani - 2017 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ පැවැති 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ ඉසව්වෙන් පිරිමි සහ කාන්තා අංශයේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්පත් නිරෝෂන් අප්පුහාමි සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ යු.වී. කල්හාරි මදිරිකා සමත් වූහ. ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තලවතුගොඩ කිඹුලාවල හංදියේ ජපන් මිත්‍රත්ව පාලම් මාර්ගය ආශ්‍රිතව සෙනසුරාදා (17 වැනිදා) මෙම තරගය පැවැති අතර එහි දුර ප්‍රමාණය කිලෝ මීටර 20 කි. 

මෙම තරගයේදී පිරිමි අංශයේ ජයග්‍රාහකයා වූ සම්පත් නිරෝෂන් අප්පුහාමි සිය තරගය පැය 1:40.06 කින්ද කාන්තා අංශයේ ජයග්‍රාහිකා කල්හාරි මදිරිකා තරගය පැය 1:48.36 කින්ද නිම කිරීමට සමත් වූහ. එසේ වුවත් තරග වාර්තා අබිබවා යාමට දෙදෙනාටම නොහැකි විය.

ජාතික මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම තරගය සඳහා පළාත් මට්ටමින් ක්‍රීඩකයින් 90 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 54 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිුබණි. එහෙත් තරගයට සහභාගි වූයේ ක්‍රීඩකයන් 54 ක් සහ ක්‍රීඩිකාවන් 28 ක් පමණි.

2016 වසරේ පිරිමි තරගයේ ජයග්‍රාහකයා වූ සඳරුවන් දුණුකාර මෙවර දෙවැනි ස්ථානයට පත්වීම සහ එවර 3 වැනි ස්ථානය දිනු සම්පත් නිරෝෂන් අප්පුහාමි මෙවර ප්‍රථම ස්ථානය දිනා ගැනීම පිරිමි තරගයේ සිදුවූ විශේෂ සිදුවීමකි. කාන්තා අංශයේදීද ගියවර ප්‍රථම ස්ථානය දිනු දිනුෂා දිල්හානි මෙවර දෙවැනි ස්ථනයටත් එවර දෙවැනි ස්ථානය දිනු කල්හාරි මදිරිකා මෙවර ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් කැපී පෙනුණි. 

ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගයේ පිරිමි කණ්ඩායම් ශූරතාව වයඹ පළාත විසින්ද කාන්තා කණ්ඩායම් ශූරතාව දකුණු පළාත විසින්ද දිනාගන්නා ලදි.  1998 වසරේදී ප්‍රථම වරට ඇවිදීමේ තරග ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා අතරට එක්වූ අතර එදා මෙදා තෙක් 20 වසරක තරග ඉතිහාසය දෙස බලනවිට ක්‍රමයෙන් තරගයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව පහත බැස යන අයුරු පෙනෙන්නට තිබේ.

මෙම තරග ඉතිහාසය අනුව බස්නාහිර පළාතේ බී.එස්.එන්. නයනානන්ද අවස්ථා 10 දී ප්‍රථම ස්ථානය අංශයෙන් දිනා ඇත. ජී. ගීතා නන්දනී (බස්නාහිර) ද කාන්තා අංශයෙන් වසර 9 ක් එහි ප්‍රථම ස්ථානය දිනා සිටින්නීය.

තරග ප්‍රතිඵල
පිරිමි 
1. ටී.ජී.එස්. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර) - කාලය පැ.1:40.06
2. සඳරුවන් දුණුකාර (උතුරු මැද) - කාලය පැ.1:42.12
3. යූ.එල්.එස්.එස්. ප්‍රනාන්දු (බස්නාහිර) - කාලය පැ.1:25.28
4. කුමාර අබේරත්න (වයඹ) - කාලය පැ.1:48.31
5. ඩබ්.එම්.ආර්.සී. වැලිකුඹුර (වයඹ) - කාලය පැ.1:48.35
6. එච්.එම්.එස්. ධනුෂ්ක (නැගෙනහිර) - කාලය පැ.1:50.09
7. එම්.බී.එල්.එස්.එස්. විජයකාන්ත (සබරගමුව) - කාලය පැ.1:50.21
8. කේ.ඒ. එරංග ප්‍රසාද් (දකුණ) - කාලය පැ.1:51.40
9. එම්.ආර්.සී.ජේ. රණසිංහ (උතුරු මැද) - කාලය පැ.1:51.40
10. අයි.එම්.පී.වයි. සේකර (නැගෙනහිර) - කාලය පැ.1:54.13

කාන්තා
1. යූ.වී. කල්හාරි මදිරිකා (බස්නාහිර) - කාලය පැ.1:48.36
2. ටී.එම්. දිනුෂා දිල්හානි (බස්නාහිර) - කාලය පැ.1:56.17
3. ලක්ෂ්මී කල්‍යාණි (දකුණ) - කාලය පැ.2:01.21
4. එල්.එම්.එම්.එස්. ජයරත්න (උතුරු මැද) - කාලය පැ.2:02.08
5. එච්.එම්. සුබෝධා හංසිකා (දකුණ) - කාලය පැ.2:05.56
6. එච්.ඒ.එන්. සංජීවනී (සබරගමුව) - කාලය පැ.2:16.39
7. කේ. කෝකිලාවානි (උතුර) - කාලය පැ.2:18.49
8. කේ. කනගේස්වරී (උතුර) - කාලය පැ.2:21.51
9. සචිනි ලෝචනා (බස්නාහිර) - කාලය පැ.2:27.22
10. එල්.ටී, දුලාංජනී මධුෂිකා (වයඹ) - කාලය පැ.2:38.59


අදහස් (0)

නිරෝෂන් - කල්හාරි ඇවිදීමේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.