Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිමාලිට රන් පදක්කම පිරිනමයි

නිමාලිට රන් පදක්කම පිරිනමයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (9දා) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

මීටර 200 කාන්තා ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත් අතර නිමාලි සමග මිටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තාය.

ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 4 කි. එයට නිමාලිගේ රන් පදක්කමත්, ගයන්තිකා අබේරත්න, රුමේෂිකා රත්නායක සහ දිල්හානි ලේකම්ගේ දිනාගත් රිදී පදක්කම් තුනත් ඇතුළත් වේ.

මීටර 800 ඉසව්ව නිමාලි ලියනාරච්චි විනාඩි 2.05.23 කදී නිම කරමින්ද රන් පදක්කම දිනාගත් අතර එම ඉසව්වේ රිදී පදක්කම්ලාභී ගයන්තිකා අබේරත්නගේ තරග කාලය විනාඩි 2.05.27 කි. තරගය නිම වන අවස්ථාවේදී නිමාලිට හිමිව තිබුණේ රිදී පදක්කමයි.

මීටර 800 කාන්තා අවසන් තරගයේ අවසානය ඉතාමත් තියුණු මුහුණුවරක් ඉසිලූ අතර ඉන්දියානු ක්‍රීඩිකාව නිමාලිට ඉදිරියට ඒමට නොහැකිවන අයුරින් මං තීරුව අවහිර කිරීම නිසා නිමාලිට පළමුව රිදී පදක්කමත් ගයන්තිකාට ලෝකඩ පදක්කමත් පිරිනැමිණ. එහෙත් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව ප්‍රධාන තරග විනිසුරුට පැමිණිලි කිරීමටද නිමාලි සහ ගයන්තිකා පියවර ගත්හ. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණයකින් පසුව නිමාලිට රන් පදක්කමත් ගයන්තිකා අබේරත්නට රිදී පදක්කමත් පිරිනැමීමට තීරණය කෙරිණ.

මීටර 200 කාන්තා ඉසව්ව තත්. 23.43 කින් නිම කරමින් රුමේෂිකා රත්නායක රිදී පදක්කම දිනාගත්තාය.


අදහස් (0)

නිමාලිට රන් පදක්කම පිරිනමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.