Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පච්ච - මාල - කොණ්ඩ - කරාබු බෑ

පච්ච - මාල - කොණ්ඩ - කරාබු බෑ

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 18 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැර, කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබේ. 

තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්, ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් “විනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ. 

“අපි ලොකු දේවල් කරන්න හදන්නේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙලක් ඇතුව කෙරෙන්න ඕන” 
“දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරග වලට එනකොට, ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි” යයි සනත් ජයසූරිය මහතා පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිටය. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටිණ. 

2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දුන් දිනයේ පටන් වසර දෙකකට ආසන්න කාලයක් අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි නමුත් මේ වන විට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇදවැටී තිබේ. ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව අංක 7 ස්ථානයේ සිටින නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම හැලී ගොස් තිබේ. 

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තම තමන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනයට මෙන්ම සමාජ ජාල ගිණුම් ප්‍රවර්ධනයට උත්සුක වනවා විනා තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ නොකරන ආකාරයක් පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 10 දෙනා අතර සිටින්නේ දිමුත් කරුණාරත්න (ටෙස්ට් - 9) සහ පැතුම් නිස්සංක (එක්දින- 8) පමණි. 

අද පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදීත් මේ සම්බන්ධයෙන් විමසීම් කෙරුණ නමුත් ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ පරෙස්සමෙනි. 

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (18)

පච්ච - මාල - කොණ්ඩ - කරාබු බෑ
  • Senarath Wednesday, 24 July 2024 03:57 PM

    කණ්ඩායමේ විනය හොඳින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එවිට ඉබේම අනික් අංශවල දියුණුවක් දකින්න ලැබේවි.

    Reply 0       0

    Indhika Wednesday, 24 July 2024 04:52 PM

    පට්ටම පට්ටයි. ඕවගෙන් තමා පටන් ගන්න ඕනේ. පච්ච ගහන්න ෆේස්බුක් කොටන්න වෙලා තියෙනවා. ප්‍රැක්ටිස් කරන්න තමයි ඔවුන්ට බැරි.

    Reply 0       0

    Harith Wednesday, 24 July 2024 06:28 PM

    මේවා මාධ්‍ය සංදර්ශන... සනත් කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් ඒක ආයේ කතාවක් නෑ.. පච්ච වලින් ක්‍රීඩකයෝ හදන්න පුලුවන් නම් කෝලී කියන්නේ පච්ච ගහපු නැති කෙනෙක්ද?

    Reply 0       0

    අරුණ Thursday, 25 July 2024 07:27 AM

    විලාසිතාවන් තරුණ කාලයටම තමයි. කොන්ඩය කැපුවත්, මාල නොපැළඳුවත් හරියට ක්‍රීඩාව උගන්වා නැත්නම් ඒ ක්‍රීඩකයාගෙන් ඇති පලේ කිම? අවධානය යොමුකළ යුතු දෙයට අවධානය දෙන්න. විකාර බහුබූත වැඩ නැතිව...

    Reply 0       0

    Palitha Thursday, 25 July 2024 07:43 AM

    වියයුතුම දෙයක්. මෙය පාසල් මට්ටමේ සිටන් ඉහළටම පිළිපැදිය යුතුයි. එලෙසම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් විශේෂයෙන් කොන්ඩ කැපීම බෙල්ලන් උඩ නවත්තන්න අඩුම කර ලඟට කාන්තා ක්‍රීඩිකවන්ගේ කොන්ඩේ තිබිය යුතුයි. ජයසුරිය මහත්තයෝ ඔබ‍ට ස්තුතියි. මෙය නීතිගත කරන්න.

    Reply 0       0

    වෙත්තසිංහ Thursday, 25 July 2024 08:13 AM

    ඔන්න පටන්ගන්න ඕනෑ තැනින්ම පටන්ගත්තා. දැක්කානේ කාන්තාවකට හදි කරලා පොලිසියට අහුවෙලා හිරේ යන තරමට විනය පිරිහුණා. පාතාලේ වගේ හැසිරුනේ... විනයකුත් නෑ, රටේ නමත් කෑවා, දිනපු තරඟෙකුත් නෑ. සල්ලි, ප්‍රසිද්ධිය පස්සේ දිව්වා.

    Reply 0       0

    randil Thursday, 25 July 2024 08:15 AM

    ඉන්දියාවේ අය ගහලා තියන ටැටූ වල හැටියට විනය අන්තිමටම පිරිහෙන්න ඕනේ... එහෙනම් විරාට් කෝලි ශකත 50ක් ගහන්නෙත් ටැටූ කොටාගෙන... ඔවුන්ගේ විනය, කැපවීම ඉතා ඉහළයි. ෆැෂන් එක නෙවෙයි ඒක කරන පුද්ගලයාගේ ඇතුළාන්තයයි වෙනස් වෙන්න ඕනේ. නැතිව ඕවා නැවැත්තුවාට බැහැ. රට වෙනුවෙන්, ටීම් එක වෙනුවෙන් තමන්ගේ කැපවීම නැතිනම් මොනවා නතර කළත් වැඩක් නෑ.

    Reply 0       0

    Arush Thursday, 25 July 2024 08:31 AM

    රට, පාසල, සහ ආයතනය වශයෙන් විනය මූලික විය යුතුය. සියලුම දේ නායකයා සතුව රඳා පවතියි. ජයසූරිය... නියමයි...! 

    Reply 0       0

    Indika silva Thursday, 25 July 2024 08:56 AM

    2026 ලෝක කුසලානය සෙල්ලම් කරන්නේ .. ලංකාවේ සහ ඉන්දියාවේ... 2024 මූලික වටයේ සෙල්ලම් කරපු විදියට 2026 සෙල්ලම් කළොත් යන්න තැනක් නැති වෙයි. මිනිස්සු හෙම්බත් වෙලා. කළමනාකරුවන්ට පඩි ගෙවාගෙන අපේ ටීම් 1 සෙල්ලම් කරනවා බලලා. රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් 15/20 කොල්ලා හොයා ගන්න. under 19 team එකක් වුණත් අවුල් නැ.. මොකද අපිට ඉවසන්න පුළුවන්.. විඳවන්න අමාරුයි..

    Reply 0       0

    Lal Fonseka Thursday, 25 July 2024 09:46 AM

    හොඳ තීරණයක්... විනය පළමුව...

    Reply 0       0

    Dasanayake Thursday, 25 July 2024 04:34 PM

    ඉතාම හොඳ දෙයක් විනය තිබීම... ජයවේවා..!

    Reply 0       0

    ජනත් උඩුවිදාන Thursday, 25 July 2024 05:37 PM

    ඇත්තටම මේ කන්ඩායම් විනයානුකූල කිරිම වැදගත්... අපේ ක්‍රීඩකයින් හිස උදුම්මා ගැනීම නිසා ඔහුන්ගේ ක්‍රීඩා දක්ෂතා යටපත් විය. ජයසූරිය වගේ නිහතමානී ක්‍රීඩකයන් හදාගැනීම රටට ද ආඩම්බරයක්... ජයසූරිය ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවායි පතමි..!

    Reply 0       0

    චමින්ද සිල්වා Thursday, 25 July 2024 05:52 PM

    ඇත්තටම හොඳ තීරණයක්... අනිවාර්යෙන් විනය අවශ්‍යයි. මේ කිසිම ක්‍රීඩකයෙක්ට කිසිම බුරුලක් දෙන්න නරකයි. පොඩිම තැනින් තමයි ඔය ක්‍රීඩකයින් හදන්න ඕනේ. ඉස්සරහට එන පාසල් ක්‍රීඩකයින්ට විනය අනිවාර්යෙන් අවශ්‍යයි... මං හිතන්නේ ජයසූරිය අයියා හොඳ තීරණයක් අරන් තියෙන්නේ... ජේසු පිහිටයි... බුදු සරණයි... අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට.

    Reply 0       0

    පිනිපා දයානන්ද Thursday, 25 July 2024 07:40 PM

    හොඳ තීරණයක්. පසුපෙළ පාසල් සිසුන්ට හොඳට ආදර්ශයක් විය යුත්තේ රට නියෝජනය කරන ජාතික තලයේ සිටින අය මිස ප්‍රේක්ෂක අප නොවෙයි. එබැවින් විනය තිබිය යුතුමයි.. විනයක් නැතිවුණු නිසානේ පහුගිය කාලේ හරි හෝ වැරදි ගැටළු රැසකට ඇතැම් ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදුවූයේ. රටේ කීර්තිය හා තමන්ගේ ගරුත්වය රැකෙන ආකාරයෙන් ක්‍රීඩා කිරීමට මනා හික්මීමක් විෂයක් පැවතිය යුතුමයි. ඕනෑම දෙයක් සීමාවක් තිබිය යුතුමයි. එසේ නොමැතිකල විනාශය මිස ජයග්‍රහණයක් නොමැත. අතීත පැරැන්නන් නිකන්ද කීව්වේ හැදි නොගා හදන හොද්දයි, ගුටි නොගහ හදන ළමයිනුයි ගත්තාම ගුණාත්මක භාවයකින් තොරයි කියලා. ඒ වගේ තමයි විනයත් නැති කළ විනාශයමයි. ලෝක කුසලානය පළමුවරට මෙරටට ගෙනා දක්ෂයෝ අතර සිටිය අති දක්ෂයෙක් ක්‍රීඩාවේ අත්දැකීම් බහුලයෙක්. එදා ඔවුන් තමන්ගේ නායකයට වගේම ප්‍රවීණයන්ට දැක්වූ ගරුත්වයම රටේ ජයග්‍රහණයට වගේම ඔවුන්ගේ දක්ෂතා කරලියට ඒමද මැනවින් සිදු වුණා. ඒ අතීත දක්ෂයින් ගේ අහලකින් තියන්න පුළුවන් ද වර්තමාන කණ්ඩායම...? ඉතාම හොඳ තීරණයක්..

    Reply 0       0

    janahitha Friday, 26 July 2024 09:48 AM

    විවිධ අදහස් සහ කකුලෙන් ඇදීමේ ජාති ගතියක් අපේ තිබෙනවා. උඩ ගිහින් බිමට වැටෙන්නේ මෙම ගතිය නිසා... අපි ඔක්කොම ඉන්දියාවේ කෙහෙල් කැන් කපපු, වතුපිටි කොල්ල කාපු නිසා එහෙන් පන්නා දමපු අය.

    Reply 0       0

    Amila Friday, 26 July 2024 02:26 PM

    අනේ මන්දා කිසි අදහසක් එන්නේනෑ බඩ ගින්නට... සමෝසා එකක්වත් කාලා බලලා කියන්නම්... පත්තු වුණා... දිල්ශාන් හා සනත් බැට් කරන විදිය හොඳින් අධ්‍යයනය කරලා ඒ ක්‍රම ශිල්ප උගන්වන්න ඕනෑ... අලුත් අයට ex / 01/ස්නැත් බෝලේ විතරයි දකින්නේ... එවන්නේ කව්ද අදාල නෑ.. ඒ මානසිකත්වය වටිනවා../02/ දිල්ශාන් එන බෝලේ කොහෝම ආවත් ඊට වඩා වේගෙන් හිතයි, අතයි වැඩකරල‍ා පහර දෙනවා. ක්‍රීඩකයින් නොසිතන පහරවල් ප්‍රැක්ටිස් වෙලා ගහනවා... ඒකත් වටිනවා...

    Reply 0       0

    Manjula Friday, 26 July 2024 02:50 PM

    හොඳ තීරණයක්... ඔබට පුළුවන් ඔය විනය හදන්න.

    Reply 0       0

    Lasitha sampath Friday, 26 July 2024 06:04 PM

    පච්ච ගහපු ඒවයි, කොන්ඩෙ කපපු නැති ඒවා අදාල නෑනේ මහත්තයෝ. මොකෝ වෙන රටවල්වල ඉන්න එවුන් ඕවා කරලා නැද්ද? හිනායනවා මේවාට...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.