Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කඩුලූ රකින්නා වූ ඒ. බී. ඩිවිලියර්ස් සිය අත් ආවරණ යොදාගනිමින් පන්දුව පළුදු කළේ යයි මාධ්‍යට කරුණු දැක්වීම නිසා ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ තරග මුදලින් 15% ක් දඩ වශයෙන් නියම කරනු ලැබ ඇත.
මෙවන් ප‍්‍රකාශයක් මගින් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කි‍්‍රයා කලාපය සහයෝගීතාව සම්බන්ධ වගන්තිය වෝනර් විසින් උල්ලංඝණය කරනු ලැබ ඇතැ’යි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පවසයි.
”එංගලන්තයේ බී. බී. සී. ගුවන් විදුලි සේවාව සමගින් පැවැති සාකච්ඡවකදී තමන් එවැනි ප‍්‍රකාශයක් කළ බව වෝනර් විසින් පිළිගනු ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් අවශ්‍ය නොවීය” යයි තරග තීරක රොෂාන් මහානාම මහතගේ ප‍්‍රකාශයේ සටහන්ව තිබේ.
”තරගයක් සම්බන්ධ සිදුවීමකදී කරුණු දක්වන කල්හි තමන්ගේ ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකු අපහසුතාවට ලක්වන ආකාරයෙන් ප‍්‍රකාශයක් කිරීම ඬේවිඞ්ගේ ගෞරවයටද හානියකි. ඬේවිඞ් මින් ඉදිරියේදී ප‍්‍රසිද්ධියේ අදහස් දක්වන විට මෙවන් කරුණු සම්බන්ධයෙන් වඩාත් පරෙස්සම් වනු ඇතැයි මගේ විශ්වාසයයි” යයිද රොෂාන් මහානාම මහතා පවසා තිබිණ.
ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට (සෙනසුරාදා) ආරම්භ වේ. මේ වන විට 1-1 ක් ලෙසින් තරගාවලිය සමවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.